Saturday, September 21, 2024

බිම්මල්

Must read

සැඟවුන අදුරු බිම්වල
පැලවුනු ධවල පැහැ බිම්මල්
ඔක්තෝබරයේ  හිරුරැස් ඉල්ලා
මතුපිට පිපෙනු ඇති..
සැනෙකින් පොඩිවී ,තැලී යා වුවත්
නිහතමානීව ක්ෂණයෙන් පෙනී ,
නොපෙනී යා වුවත්..
සිහින් හිරු රශ්මියක් පතන
තෙත්බරිත සුදක සැඟවූ
බිම්මලක් සිනාසෙනු ඇත..

ලේ වුවද පොලොව යට මිදී
දහස් වර්ෂ ගත අඳුරකට
ඉඩදෙනු ඇතිය..
මීනී කඳු මත නොමියැදුනු තනිකමක්
සීතලක් සේ මතුපිටට එබෙනු ඇත
ආදරය නොලැබුණ දුක්ඛිත ආත්ම මත
බිම්මලක් පිපෙනු ඇත..


තෙතබරිත සුදක සැඟවූ 
බිම්මලක් සිනාසෙනු ඇත..


කුමාරි ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)