Sunday, September 22, 2024

බාලි දූපත මේ වසරටම වසා දමයි

Must read

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දුනීසියාවේ බාලි දූපත මෙම වසරේදී නැවත සංචාරකයින් සඳහා විවෘත නොවනු ඇතැයි එරට බලධාරීහු පවසති.

සංචාරකයින් අතර ප්‍රසිද්ධියක් උසුලන බාලි දූපත විදේශීය සංචාරකයින් සඳහා විවෘත කෙරෙන බව මීට පෙර ඉනිදුනීසියානු බලධාරීන් පවසා තිබිණි. නමුත් ඉන්දුනීසියාවේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම සැලැස්ම අවලංගු කිරීමට සිදුවී ඇත.

බාලි දූපතෙන් පමණක් මේවනවිට කොරෝනා ආසාදිතයින් 4,576 දෙනකු වාර්තා වී ඇති අතර මරණ 52ක් සිදුවී තිබේ.ගිනිකොනදිග ආසියාවේ වැඩිම මරණ සංඛ්‍යාව ඉන්දුනීසියාවෙන් වාර්තා වන අතර එය 6,757කි.

ඉන්දුනීසියාවෙන් මේවනවිට කොරෝනා ආසාදිතයින් 155,000කට අධික පිරිසක් වාර්තා වී තිබේ. සත්‍ය ආසාදිතයන් සංඛ්‍යාව මෙම සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩිවිය යුතු බවත් ඉන්දුනීසියාවේ පරීක්ෂණ අඩුවෙන් සිදුකිරීම හේතුවෙන් ආසාදිතයින් අඩුවෙන් වාර්තා වන බවත් විශේෂඥයෝ පවසති.

බාලි දූපත සංචාරකයින්ට නැවත විවෘත කිරීම කිරීම සඳහා ප්‍රවේශමෙන් සූදානම් වීම අවශ්‍ය වනු ඇතැයි දිවයිනේ ආණ්ඩුකාර වයන් කොස්ටර් මහතා පවසයි.

සෑම වසරකම ලොවපුරා සංචාරකයින් මිලියන ගණනක් බාලි දූපත වෙත පියාසර කරති.

(බීබීසී ඇසුරිණි – 085)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)