Sunday, September 22, 2024

බස්වලට හිටගෙන ගියෝත් ලෙඩේ …

Must read

පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යා යුතු බවත් ධාවනය වන අවස්ථාවේදී කිසිදු මගීයෙකු සිටගෙන ගමන් නොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පොලිස්පති වෙත ලිපියක් යොමුකරමින් දැනුම් දි තිබේ.

මගී පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන සම්බන්ධයෙන් විශේෂ උපදෙස් අඩංගු ලිපියක් පොලිස්පතිවරයා වෙත යොමු කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මේ බව සඳහන් කර ඇත.

මෙම නීති කඩ කරන්නන් හට 1897 අංක 03 දරණ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සිය ලිපිය මගින් පොලිස්පතිවරයා වෙත දන්වා තිබුණි.
මුලාශ්‍රය – නිව්ස්වයර්

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)