Sunday, September 22, 2024

බයිඩ්න්ට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන්ගෙන් සුබ පැතුම්

Must read

11:23 am

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පතා තිබේ.

ශුද්ධෝත්තම පියතුමන්, තමන් දුරකථනයෙන් ඇමතූ ජෝ බයිඩ්න්ට ආශීර්වාද කළ බව ද සඳහන් ය.

බයිඩන් මෙහිදී පවසා සිටියේ දිළිඳු පුද්ගලයන්ට සහන සැලසීම, දේශගුණ විපර්යාසය වැළැක්වීම , සංක්‍රමණිකයන් සහ සරණාගතයන් අමෙරිකාවට පිළිගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් ශුද්ධෝත්තම පාප්තුමන් සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය බවයි.

1960 දශකයේ ජෝන් කෙනඩිගෙන් පසු අමෙරිකාවේ පත්වූ ප්‍රථම රෝමානු කතෝලික ජනාධිපතිවරයා ජෝ බයිඩන් වනු ඇති .

මේ අතර ට්‍රම්ප් පරිපාලනය, මෙවර ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ ජෝ බයිඩ්න්ට දෛනික ජනාධිපති බුද්ධි තොරතුරු සමාලෝචනයට සවන් දීමට ඉඩසැලැස්විය යුතු බව රිපබ්ලිකන් මන්ත්‍රීවරු පවසති.

ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ අයකුට එවැනි අවස්ථාවක් ලබාදීමේ අරමුණ , ධූරයේ වැඩ භාරගැනීමට පෙර අමෙරිකාව මුහුණපාන තර්ජන පිළිබඳ බුද්ධි අංශ මගින් දැනුවත් කිරීමයි.

ජෝ බයිඩ්න්ට මෙලෙස සහය පළ කළ රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අතලොස්සක් වුවත් මෙම ඉල්ලීමෙන්, ඔහුට සහය පළ කරන රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් කළේ ය.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ හමුවේ පරාජය පිළිගැනීමට අකමැති වුව ද නොබෝදිනකින් බයිඩ්න්ට ඉඩදී ජනාධිපති ට්‍රම්ප්ට ධවල මන්දිරයෙන් පිටවීමට සිදුවනු ඇති බවයි.

කෙසේවෙතත් රිපබ්ලිකන් මන්ත්‍රීවරුන් සහ පක්ෂ නිලධාරීන් බහුතරයක්, මෙවර මැතිවරණ ප්‍රථිඵල ප්‍රතික්ෂේප කිරීමට ජනපති ට්‍රම්ප් ගත් ප්‍රයත්නයට ප්‍රසිද්ධියේ සහය දී තිබිණ.

ජනාධිපතිවරයා පවසන්නේ දූෂණ සහ අක්‍රමිකතා සිදුව ඇති බැවින් මැතිවරණ ප්‍රතිඵල පිළිගත නොහැකි බවයි.

මෙවන් පසුබිමකදී වුවත් ජෝ බයිඩ්න්, රාජ්‍ය පාලන කටයුතු සඳහා පසුබිම සකස් කරමින් සිටින්නේ ලබන ජනවාරි මස සාමකාමී බලහුවමාරුවකට යොමුවීමේ අරමුණු පෙරදැරිවයි.

ට්‍රම්ප් පරාජය පිළිගැනීමට අකමැති වීම සහ බල හුවමාරුවකට පියවර නොගැනීම , ඩිමොක්‍රැටික් මන්ත්‍රීවරුන්ගේ දැඩි විවේචනයට ලක්විය.
newscenter.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)