Saturday, September 21, 2024

බඩු මිළ අඩුවුනත් , සුපිරි වෙළද සැල්වල තවමත් සුපිරිම මිළක් …

Must read

අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු ඇතුලූ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කීපයක මිල ගණන්  පහත වැටී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ඒ් අනුව පිටකොටුවේ දේශිය ආනයනික අර්තාපල් කිලෝවක සිල්ලර මිල රුපියල් 180 දක්වා ද, ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා ද පහළ බැස ඇති බව දැකගත හැකි විය.

දේශීය අර්තාපල් මිලද රුපියල් 380 දක්වා පහත බැස ඇත. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේද ආනයනික අර්තාපල් කිලෝවක මිල මේ වන විට රුපියල් 220 දක්වා අඩුවි ඇත. ආනයනික අර්තාපල් මිල මීට සති දෙකකට පමණ පෙර පැවතියේ රුපියල් 230- 240 අතර සීමාවේය.

ලොකු ලූණු කිලෝවක මිල රුපියල් 150 දක්වා පහත වැටි ඇති අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එය රුපියල් 170ක් ලෙස පැවතිණ.

ලංකා සතොස වෙළඳසැල්වලද ලූණු කිලෝව 165ක් ලෙස ලෙස අලෙවි වනු දැකිය හැකි විය. ලොකු ලූණු මිල මිට පෙර පැවතියේ කිලෝව රුපියල් 220- 240ත් අතරය. බොහොමයක් සුපිරි වෙළඳසැල්වල ආනයනික අල දැකිය නොහැකි අතර ඒවායේ පවතින්නේ දේශීය අර්තාපල් පමණ. එහි කිලෝවක මිල රුපියල් 560ක් ලෙස ප‍්‍රදර්ශනය කර තිබිණ.

පරිප්පු මිල ගණන්ද සැළකිය යුතු මට්ටමකින් පහත වැටි ඇත. මේ වන විට පරිප්පු කිලෝව රුපියල් 460ත් 480ත් අතර පවතී. ලංකා සතොසේ එය රුපියල් 485ක් ලෙස දැකගත හැකි විය.

වියළි මිරිස් කිලෝවව රුපියල් 1600ක් ලෙස පිටකොටුවේ අලෙවි වු අතර නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්තානයේදී එය රුපියල් 1640ක් විය.

පිටකොටුව හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල සුදු සීනි කිලොම්ක මිල රුපියල් 300ත් 305ත් අතර පැවතිණ. ලංකා සතොසේ සුදු සීනි කිලෝව රුපියල් 298කට මිලදී ගත හැකිය. එහෙත් සුපිරි වෙළඳසැල්වල තවමත් සීනි මිල ගණන් පවතින්නේ කිලෝව රුපියල් 356ත් 359ත් අතරය.
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)