Sunday, September 22, 2024

පොලිසි 7 ක ඉල්ලිම ඉවතට !මුල්ලිවයිකාල් සැමරුමට අධිකරණයෙන් අවසර

Must read

2009 වසරේ යුද්ධයේ අවසන් දින කිපය තුල ඝාතනයට ලක්වුවන් සමරන් මුල්ලිවයිකාල් සමරුව මැයි 18 වෙනිදා ට යෙදි තිබේ.


මේ සමරුව පැවැත්විමට එරෙහිව මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාශ 7 ක් අධිකරණය හමුවට ගොස් ඉල්ලා තිබුනෙ එය තහනම් කරන ලෙසය.

එහෙත් ඒ පොලිස් ඉල්ලිමට එරෙහිව අද අධිකරණය හමුවේ කරුණු දක්වා සිටි නිතිඥයන් හමුවේ මුලතිව් අධිකරණය විසින් නිරෝධායන නිති උල්ලංඝණය නොකරමින් ත්‍රස්තවාදය හා බැදුනු මතවාද වලින් තොරව සැමරුම පැවැත්විමට අවසර ලබා දි තිබුණි.


මළවුන් සැමරිම ඕනෑම සංස්කෘතිය මුලිකතම අයිතියකි.
වත්මන් රජය අවස්ථා ගනනාවකදි සිය පොලිස් රාජ්‍ය හරහා මේ ආකාර සැමරුම් වලට එරෙහිව කටයුතු කර තිබුනේ මිනිස්කමටද නිගා දෙන අන්දමටය.
කලු ගල් ස්මාරක වලින් පලිගන්නා තරමට ඒ ම්ලේච්ඡ බව දැනටමත් ලෝකයාම හමුවේ පෙන්වා දි හමාරය .
කෙසේ වෙතත් මර්ධනය එරෙහිව දමිළ ජනයා ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන අරගලය තුල මේ අධිකරණය නියෝය සැබැවින්ම ජයග්‍රහණයකි
. පසුගිය බ්‍රහස්පතින්දා මුලතිව් දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ටාශ 7 ක් විසින් මුල්ලිවයිකල් සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරන ලෙස ඉල්ලා අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණිත
එය සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනුස්මරණ උත්සවය තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන්නට යෙදුණි
මෙයට අදාලව මුල්ලිවයිකාල් සමරුම වෙනුෙන් එහි නිතිඥයන් විසින් කලින් ලබා දි තිබුණ අධිකරණ නියෝගයට එරෙහිව අයදුම්පතක් ගොනු කලේය.
ඉන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා අනුස්මරණ උත්සවය අද යළි අවසර ලබා දි තිබේ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)