Saturday, September 21, 2024

පොලිස් වාර්තා නොදීම නිසා දෙමළ දහයක් තව දෙසතියක් රිමාන්ඩ්

Must read

යුද්ධයෙන් මළවුන් සැමරීම නිසා මාස එක හමාරකට ආසන්න කාලයකට ඉහත දී අත් අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් ඇතුළු දෙමළ දසදෙනකු සම්බන්ධ පරීක්ෂණ වාර්තා පොලිසිය විසින් ලබා නොදීම නිසා ඔවුන්  තවත් සති දෙකක් රිමාන්ඩ් භාරයේ තැබීමට අධිකරණය නියෝග කොට තිබේ.   දොළොස්වැනි මුල්ලිවයික්කාල් සමරුව යෙදුනු 2021 මැයි 18 වැනිදා මඩකලපුවේ කිරාන් වෙරළ තීරයේ අනුස්මරණයක් පැවැත්වූ එම පිරිස කල්කුඩා පොලිසිය විසින් පසුදා අත් අඩංගුවට ගන්නා ලදී.   නිරෝධායන මාර්ගෝපදේශ අනුගමනය කරමින් සමරුව නිමවා පැය කීපයක් ගිය පසු වෙරළබද ඉඩමේ හිමිකරුගේ පියා අත් අඩංගුවට ගන්නා ලද බව ප්‍රදේශයේ බිම් මට්ටමේ ක්‍රියාධාරීහු පවසති.   අනුස්මරණය පිළිබඳව තම පියා කිසිත් නොදන්නා බව පවසන ඉඩමේ හිමිකරු විමලසේනා ලවකුමාර් ඒ පිලිබඳ විමසීමට ගිය අවස්ථාවේ කල්කුඩා පොලිසිය ඔහු රඳවාගෙන තිබේ.   අනික් නම දෙනාද ඉන් අනතුරුව කැඳවා අත් අඩංගුවට ගන්නා ලද බව පළාත්බද ක්‍රියාධාරීහු පවසති.   රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන්  සම්බන්ධයෙන් අධිකරණය විසින් වැඩි දුර විස්තර වාර්තාවක් පොලීසියෙන් ඉල්ලා තිබු අතර පසුගිය නඩු වාරයේදී මෙන්ම අද දිනයේත් එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කටයුතු කර නොතිබු බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.  

fsdfrrt

    රිමාන්ඩ් භාරයේ පසුවන දෙමළ ජාතිකයන් දසදෙනා සම්බන්ධයෙන් පුද්ගලික විස්තර වාර්තාවක් අධිකරණය ඉදිරිපත් කිරීමට නීතිඥයන් විසින් සිදු කළ ඉල්ලීම පිළිගත් විනිසුරු එම්.එච්.එම් බසීල් විසින් නියෝග කර ඇත්තේ එම වාර්තා ජුනි 13 වැනි දින ඉදිරිපත් කරන ලෙසයි.   තවදුරටත් පරීක්ෂණ පැවැත්විය යුතු බවට පොලිසිය කළ ඉල්ලීමට ඉඩ දෙමින් වාලච්චේන වැඩ බලන මහේස්ත්‍රාත් සැකකරුවන් ජුලි 13  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ.   අත්අඩංගුවේ පසුවන දෙමළ ජාතිකයන් දස දෙනා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කේ එස් රත්නවේල්, නීතිඥ කනගරත්නම් සුගාෂ් ඇතුලු නීතිඥයන් හත් දෙනකු පෙනී සිට ඇත.   රටේ පවතින වසංගත ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් නොකළ බව පළාත් බද මාධ්‍යවේදීහු වැඩි දුරටත් පවසති.  

tghtyyr

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)