Saturday, September 21, 2024

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කළ රොෂාන්ගෙන් නව ආසියානු වාර්තාවක්!

Must read

ලංකා ගුවන් හමුදා පිහිනුම්ශුර රොෂාන් අබේසුන්දර පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර් 59 කුත් මීටර් 300 ක් පිහිනමින් නව ආසියානු වාර්තාවක් තැබීය.

ඔහු විසින් මන්නාරමේ සිට ඉන්දියාවේ රමේශ්වරන් සහ පසුපසට පිහිනීම සඳහා ෙගන අැත්ෙත් පැය 28 යි මිනිත්තු 19 තත්පර 43 ක් පමණි.
මේ අනුව, රොෂාන් අබේසුන්දර විසින් අදාළ ප්‍රයාමය පිණිස පැය 51 කින් පිහිනමින් වී.එස්. කුමාර් ආනන්දන්ගේ අවුරුදු 50 ක් පැරණි වාර්තාව බිඳ හෙළා අැත.

රොෂාන් 2021 ජනවාරි 3 වන දින මාතර සිට කොග්ගල දක්වා කිලෝමීටර් 25 ක දුරක් පැය 10 යි මිනිත්තු 37 ක කාලයක් පිහිනමින් නව වාර්තාවක් බිහි කළ අතර මාතර සිට හික්කඩුව දක්වා කිලෝමීටර් 49 ක දුරක් පිහිනමින් වාර්තාව නැවත අලුත් කළේය.

ඇමරිකානු පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමයට අනුබද්ධ පිහිනුම් උපදේශකයෙකු විසින් පුහුණුව ලබා අැති රොෂාන්, ජනප්‍රිය ජූලියන් බොලින්ග්ගේ පුහුණුවද ලබා ඇත.
(ලංකාවිච්ස් )

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)