Saturday, September 21, 2024

පාස්කු ප්‍රහාරයේ නඩුවලින් ජනපති නිදහස් ! මෛත්‍රිගේ අභියාචනය නිෂ්ප්‍රභා වෙයි !

Must read

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් විසින් ගොණු කර ඇති 108කින් ජනපතිවරයා නිදහස් කරන ලෙස අද (01) දිනයේදී කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ අතිරේක දිසා අධිකරණ විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය පවසා ඇත්තේ දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1) වගන්තිය ප්‍රකාරව ඔහුට  මුක්තිය හිමිවන බවයි.

පාස්කු ප්‍රහාරය එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම හේතුවෙන් වින්දිතයින් බවට පත්වූ තමන්ට වන්දි අය කර දෙන ලෙස ඉල්ලා වින්දිතයින් විසින් එම නඩු ගොනුකර තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම රුපියල් 21,000සක ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභා කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය නියම කළ බව අද දෙරණ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි

සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනුකර තිබුණි.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබුණි

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)