Saturday, September 21, 2024

ප්‍රබල ක්‍රිකට් තරු 10ක් ජෛව ආරක්ෂිත බුබුලකට

Must read

එළඹෙන ජූලි 13 වැනිදා ආරම්භ වීමට නියමිත ඉන්දීය තරගාවලිය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 10 දෙනෙකු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ඇති ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර තිබෙන බව වාර්තා වනවා.

ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මූලික සංචිතයට ඇතුළත් කිරීමේ අරමුණ ඇතිව ඔවුන්ව මෙලෙස ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

බුබුලට ඇතුළත් වීම සඳහා හිටපු  ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයින් වන දිමුත් කරුණාරත්නට සහ ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් හට මෙතෙක් ඇරයුම් කර නොමැති බව ද වාර්තා වෙනවා.

ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ කිසිදු ක්‍රීඩකයෙකු මෙම ක්‍රීඩකයින් 10 දෙනා අතරට ඇතුළත්ව නොමැති වීම විශේෂත්වයක් වෙනවා.

අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, සඳුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු මධුෂංක යන ක්‍රීඩකයින් දැනට ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර ඇති ක්‍රීඩකයින් වෙනවා.

මෙම තරගාවලියේ ICC සුපර් ලීගයේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවල දී පැවැත්වෙන අතර විස්සයි විස්ස තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවල දීයි. ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වෙන මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී

ශ්‍රී ලංකා – ඉන්දීය තරග කාලසටහන

පළමු එක්දින තරගය – ජූලි 13

දෙවැනි එක්දින තරගය – ජූලි 16

තුන්වැනි එක්දින තරගය – ජූලි 18

පළමු විස්සයි විස්ස තරගය – ජූලි 21

දෙවැනි විස්සයි විස්ස තරගය – ජූලි 23

තුන්වැනි විස්සයි විස්ස තරගය – ජූලි 25

තරග සියල්ලම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එක්දින තරග තුන දිවා/රාත්‍රි තරග ලෙසත් (පස්වරු 2.30 සිට), විස්සයි විස්ස තරග රාත්‍රි තරග (පස්වරු 7 සිට) පැවැත්වෙනවා.

මේ තරග සියල්ල ප්‍රේක්ෂකයින් නොමැතිව ජෛව ආරක්ෂිත පරිසරයක් (Bio-Secure Environment) තුල පැවැත්වෙන අතර නවීකරණය කරන ලද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට ආසන්න කාලයකට පසුව වීමත් විශේෂත්වයක්.
thePapare.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)