Saturday, September 21, 2024

නුවරඑළියට ජනපති ගෙනාපු අලුත්ම න‍ීතිය ඊයේ සිට ක්‍රියාත්මකයි

Must read

නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ මහල් හතරකට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම ඊයේ (1) සිට සීමා කර කර ඇතැයි ada.lk වෙබ් අඩවිය වාර්තා කර ඇත

නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් ගත් මෙම තීරණය ඊයේ දිනයේ සිට නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ක්‍රියාත්මකය

ජාතික ගොඩනැගිලි ප‍ර්යේෂණ සංවිධානය සමඟ සාකච්ඡා කර  නව ගොඩනැගිලි ඉදිකිරීම නියාමනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ පාර්ශවකාර ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත්කිරීමටද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් අංක 38/16/01-06-1978 දරන ගැසට් නිවේදනය මගින් නුවරඑළිය මහ නගර සභා බල ප්‍රදේශය නාගරික ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, අංක 154614/01-09-1998 දරණ ගැසට් නිවේදනය මගින් නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයද නාගරික ප්‍රදේශයක් ලෙස  ප්‍රකාශයට පත්කර ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කය යනු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. එහි සිදුවෙමින් පවතින අවිධිමත් සංවර්ධනය, ප්‍රදේශය තුල පැතිරුණු අඩු පහසුකම් සහිත ජනාවාස,ප්‍රමිතියෙන් තොර පානීය ජල මූලාශ්‍ර, ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැතිකම  සහ නිසි කාණු පද්ධතියක් නොමැතිකම වැනි කරුණු හේතුවෙන් නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

එය ප්‍රදේශයේ සංචාරක කටයුතු විධිමත්ව ක්‍රියාත්මක කිරීමට විශාල බාධාවකි.

එබැවින් නගරය තුළ විශාල ගොඩනැගිලි ඉදි නොකර සංචාරකයන්ට විවේකයෙන් ගත කළ හැකි සෞම්‍ය පරිසරයක් සහිත සැලසුම් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලට උපදෙස් ලබාදී ඇත.

 නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනයට අවශ්‍ය පරිසරයක් සකස් කෙරෙන සංචාරක සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරී මෙමගින් අපේක්ෂා කරනු ලැබේ.

එම සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ ස්වාභාවික සෞන්දර්යාත්මක සුන්දරත්වය සහ පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු කරනු ලැබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)