Sunday, September 22, 2024

නීති විරෝධීව ඇල්ලූ මුහුදු කූඩැල්ලන් සමඟ පුද්ගලයින් 40ක් නාවික හමුදා භාරයට

Must read

නාවික හමුදාව විසින් පසුගිය දින කිහිපය තුල උතුරු මැද සහ වයඹ නාවික විධානයන් කේන්ද්‍ර කර ගනිමින් සිදු කල සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 2186 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 40ක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.  

උතුරු මැද නාවික විධානය මගින් ඔක්තෝබර් මස 31 වන දින සිට නොවැම්බර් 03 වන දින දක්වා කාලය තුල වලෙයිපාඩු ලොක්කන්නවඩි වෙරළ තීරයේත්, නච්චිකුඩා ප්‍රදේශයේ සහ මන්නාරම කොන්තම්පිඩ්ඩි ප්‍රදේශයේත් සිදුකල ධීවර යාත්‍රාවන් පරික්‍ෂා කිරීමේදී ධීවර යාත්‍රාවන් 05ක් තුල තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 1544ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්වූ අතර, එහිදි අදාල මුහුදු කූඩැල්ලන් සහ ධීවර යාත්‍රාවන් 05 ක් සමඟ පුද්ගලයින්  21 දෙනෙක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගෙන තිඛේ.  

තවද, ඉලුප්පුකඩවායි පොලීසිය සමඟ එක්ව නොවැම්බර් 01වන දින තෙවම්පිඩ්ඩි ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කිරීමේදී එම නිවසේ තිබී නීති විරෝධී ලෙස අල්ලන ලද තම්බා තිබූ මුහුදු කූඩැල්ලන් 63ක් සමඟ එක් සැකකරුවකුද අත් අඩංගුවට ගැනීමටද උතුරු මැද නාවික විධානය විසින් කටයුතු කෙරිණි.  

තවද, වයඹ නාවික විධානය මගින් 2020 නොවැම්බර් 04 සහ 05 වන දිනයන්හි අරිප්පු නැගෙනහිර වෙරළ තීරයේත් කොණ්ඩච්චිකුඩා ප්‍රදේශයේ සිට අරිප්පු දක්වා වූ මුහුදු තීරයේත් සිදුකල ‍‍‍‍‍‍‍සෝදිසි මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයින් 19 දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 642ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, මෙහිදී ඩිංගි යාත්‍රා 04ක්, කිමිදුම් උපකරණ කිහිපයක් සහ ධීවර ආම්පන්නද නාවික හමුදා භාරයට ගන්නා ලදි.   පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කල මෙම මෙහෙයුම් මගින් නාවික හමුදා භාරයට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 19ත් 58ත් අතර වයස්වල පසුවන මන්නාරම වලෙයිපාඩු, යාපනය, නච්චිකුඩා සහ අරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන අතර, මෙම සැකකරුවන්, නීති විරෝධී ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් , ධීවර යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා  මන්නාරම සහකාර ධීවර අධ්‍යක්‍ෂක, ජේපුරම් පොලීසිය, ඉලුප්පුකඩවායි පොලීසිය සහ කිලිනොච්චිය සහ සිලාවතුර ධීවර පරීක්‍ෂකවරුන් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

දිණමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)