නැගෙනහිර පළාතේ සියලුම ආයුර්වේද රෝහල් වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර ඇතැයි නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවැසු බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
ඒ අනුව ත්‍රිකුණාමලය කප්පුල්තුරෙයි ආයුර්වේද රෝහලේ ඇඳන් 50ක් නිලාවේලි ආයුර්වේද රෝහලේ ඇඳන් 48ක් මඩකලපුව පුදුකුඩිඉරිප්පු රෝහලේ ඇඳන් 60ක් එරාවුර ආයුර්වේද රෝහලේ ඇඳන් 30ක් අම්පාරේ වේරන්ගොඩ රෝහලේ ඇඳන් 30ක් සහ අඩ්ඩාලඑචේන රෝහලේ ඇඳන් 30ක් ආදී වශයෙන් ඇඳන් 283ක් කොවිඩ් රෝගීන් රෝගීන් වෙනුවෙන් වෙන් කිරිමට නියමිතය.
ඉහල යන කොරෝනා ආසාදිතයන් හට ප්‍රතිකාර කිරිමට ඇති ස්ථානවල බරපතල අඩුවක් දැනටමත් රටපුරාම මතුව තිබේ.
ඒ නිසාම ඇතැම් ප්‍රදේශවල ආසාදිතයන් ලෙසින් හදුනාගත් අයට දින කිපයක් යනතුරුත් සිය නිවෙස්වල රැදි සිටිමට සිදුව තිබුන අවස්ථාවන් ගැනද වාර්තා විය