Sunday, September 22, 2024

නැගෙනහිර වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ ගැටළු ගැන විශේෂ හමුවක් !

Must read

වත්මන් පාලනය විසින් උතුරේ සහ නැගෙනහිර මාධ්‍යවේදින්ට එරෙහිව දැඩි මර්ධනයක් දියත් කරමින් ඇති බව පෙනේ.එයිනුත් නැගෙනහිර වෙබ් මාධ්‍යවේදින්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින්ට එරෙහිව දැඩි බලපෑම් එල්ල වෙමින් තිබේ.

නැගෙනහිර මාධ්‍ය සමාජය විසින් විශේ්ෂයෙන්ම නැ‌ගෙනහිර පළාතේ වෙබ් මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු පිළිබදව විශේෂ සාකච්ජාවක් පසුගිය ගිය 12 වනදා මඩකලපුව පුස්තකාල ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.



රජයේ යෝජිත සයිබර් ආරක්ෂක පණත පිළිබද මෙහිදි අදහස් දැක්වු වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩි ගමගේ විසින් අවධාරණය කර සිටියේ වත්මන් රාජපක්ෂ පාලනය එදා මෙන්ම මාධ්‍යවේදින් ඝාතනය කිරිමට හෝ අතුරුදන් කිරිම වෙනුවට මෙවර දැඩි සයිබර් නිති මගින් මාධ්‍යවේදින් පාලනය කිරිමට සැලසුම් කරමින් සිටින බව පෙනි යන බවයි
වත්මන් පාලනය විසින් දැනටමත් නැගෙනහිර ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන සිරගත ගත කොට තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන කෝහලන් සිය ෆේස් බුක් පිටුවට තුලින් අඩන යුද්ධයෙන් විපතට පත් මව්වරුන්ගේ පින්තුරයක් මුදාහැරිම නිසා අත්අඩංගුවට ගෙන දැන් වසරක්ද ඉක්මවා තිබේ.
2020 නොවැම්බර් 27 වනදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙවන් පසුබිමකදි වෘත්තිය වෙබ් ආචාර ධර්ම මත පදනම් වු ප්‍රවෘත්ති වෙබ් භාවිතාවක් ක්‍රියාත්මක කිරිමේ වැදගත්කමද අවධාරණය කෙරිණි.
නැගෙනහිර මාධ්‍යවේදින්ද සමගින් සාකච්ජා කොට මිට වසර 8 කට පමණ පෙර සකස් කරන ලද වෙබ් ආචාර ධර්ම පදනම් කරනිමින් ක්‍රියාත්මක විම තුල සයිබර් අවකාශය තුල මාධ්‍ය  භාවිතාවක නියැලිම රජයේ සයිබර් මර්ධනයට ඇති සුදානම පරාජය කිරිමට වෙබ් මාධ්‍යවේදින්ට ශක්තියක් වනු ඇති බවටද මෙහිදි අදහස් පළවිය.



නැගෙනහිර වෙබ් මාධ්‍යවේදින් මුහුණ දෙන ගැටළු පිළිබදව මාධ්‍ය ඇමතිවරයා ඇතුළු ආදාල බලධාරින් සමගින් විශේෂ සාකච්ජාවක් සංවිධානය කරගැනිමේ අවශ්‍යතාවය ගැනද මෙම හමුවකට එක්ව සිටි වෙබ් මාධ්‍යවේදින් විසින් පවසා සිටියහ.

නැගෙනහිර මෙන්ම උතුරේද වෙබ් මාධ්‍යවේදින් එක් කරගනිමින් රජයේ සයිබර් මාධ්‍ය මර්ධනයට එරෙහිව පුළුල් වැඩ පිළිවෙලක් ගොඩනැගිමට මෙහිදි තිරණය විය.
දැනට ලංකාවේ ඇති වෙබ්මාධ්‍යවේදින් සදහා වන ඒකම අචාර ධර්ම පද්ධතිය මිට වසර 8 කට ඉහතදි උතුරේ නැගෙනහිර සහ දකුණේ වෙබ් මාධ්‍යවේදින් සමගින් කරන ලද පුලුල් සාකච්ජාවක ප්‍රථිපලයක් ලෙසින් සකස් කරන්නට යෙදුනි.
නැගෙනහිර මුලික කොට ගෙන ක්‍රියාත්මක වෙබ් අඩවිය ගණනාවක වෙබ් මාධ්‍යවේදින් රැසක් මෙම හමුවට එක්ව සිටියහ.

නැගෙනහිර මාධ්‍ය සමාජයේ කැදවුම්කරු දේව අදිරන් විසින් මෙම වෙබ් මාධ්‍යවේදින්ගේ සාකච්ජාව මෙහෙය වන ලදි.
ඡායා- දොන් මායා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)