Saturday, September 21, 2024

නැගෙනහිර පොලිසියේ “ෆේස්බුක් භීතිකාව” සහ නීතිපති දෙපාර්තුමේන්තුව

Must read

සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් බෙදාගැනිමට කටයුතු කළ නැගෙනහිර පළාතේ විශාල පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කොට තිබේ.
දේශපාලන සමාජ ක්‍රියාකාරිකයෙකු වන කෝහිලදාසන් යුද්ධයෙන් විපතට පත් මව්වරුන්ගේ ඡායාරූපයක් ෆේස් බුක් මගින් බෙදාගැනිම නිසා වාලච්චේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිරගත කොට දැන් මාස 15 ක් ද ඉක්මවා තිබේ.
මේ ආකාරයෙන් ෆේස් බුක් ක්‍රියාකාරින් විශාල පිරිසක් නැගෙනහිර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි දෙමළ ජාතික සන්ධාන මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් පවා පාර්ලිමේන්තුවේදි හෙළිදරව් කර තිබුණි.

ෆේස් බුක් මාධ්‍ය ක්‍රියාකාරින් දඩයම් කිරිමට ඒරෙහිව මඩකපුවේ විරෝධතා



මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු  වන කේ.විජයදාස මහතා අද (27) ඇප මත මුදා හැර තිබේ.  

වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයේදී විනිසුරු එච්.එම්.එම් බැසිල් මහතා ඉදිරියේ අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය කොන්දේසි සහිතව ඇප නියම කරන ලදී.

රජය විසින් තහනම් කරන ලද දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළ කර තිබීම හේතුවෙන් 2020.11.27 වන දින වව්නතිව් පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන වාලච්චේන දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.  

එක් දරු පියෙකු වන 30 හැවිරිදි විජයදාස මහතා වසරකුත් මාසයක කාලයක් තුළ අත්අඩංගුවේ පසුවූ  අතර නීතිපති උපදෙස් මත රුපියල් ලක්ෂයක ශරීර ඇප මත ඔහු මුදා හැර තිබේ.
එම්.එච්.එම්.රම්සීන් සහ හැලිබ් රිබන් යන නීතීඥවරුන්  විජයදාස මහතා වෙනුවෙන් නිතිමය මැදිහත්වීම් සිදුකරන ලදී
පොලිසිය විසින් මේ ආකාරයෙන් සිදුකර ඇති ෆේස් බුක් ක්‍රියාකාරින් අත්අඩංගුවට ගැනිම සැබැවින්ම ගැටළු සහගත බව මේ වන විට නීති පති දෙපාර්තුමේන්තුව විසින් උසස් පොලිස් නිලධාරින් හටද දැනුම් ඇතැයිද වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
ඒ් අනුව මේ දක්වා නැගෙනහිර පොලිසියේ ෆේස් බුක් භිතිකාව නිසා සිරගත කොට ඇති විශාල පිරිසකට ඉදිරියේදි ඇප ලැබිමට ඇති ඉඩකඩද මේ අනුව විවෘත වෙමින් ඇති බව පෙනේ .


රුද්‍රා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)