Sunday, September 22, 2024

නව අගමැති දිනේශ් ?

Must read

රනිල් වික්‍රමසිංහ මහතාගේ නව රජයේ අගමැතිවරයා ලෙස සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පත්වීම ද නියමිතය. හෙට පැවැත්වෙන නව කැබිනට් ඇමතිවරු දිවුරුම් දීමේදී නව අගමැතිවරයා ලෙස දිනේෂ් මහතා දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර ද ලිඩර් වෙබ් අඩවියේ ඊයේ දිනයේ වාර්තා කර තිබුණේ ආණ්ඩුවේ ආරංචිමාර්ග වලට අනුව අගමැති ධුරය සඳහා නම් කිහිපයක් යෝජනාවී ඇත බවය.
සභානායක දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, අමාත්‍ය විජේදාස රාජපක්ෂ හා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගේ නම් එසේ කතාබහට ලක්ව ඇතැයි සදහන් කර තිබුණි.

තමා අගමැති ධුරය අපේක්ෂා කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවේ දැනුම් දී ඇතැයි ද පැවසේ.

ස්වාධින මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන සුසිල් ප්‍රේමජයන්ත හා විජේදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමේ පාර්ලිමේන්තු මෙහෙයුමේදී විශාල කාර්ය භාරය සිදුකර ඇතැයි වාර්තාවේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)