Sunday, September 22, 2024

ධිවර ප්‍රජාව නිසා ඉන්දීය වෛරසය ලංකාවට පැමිණිමේ අවධානමක් ?

Must read


ඉන්දියාව තුළ පැතිර යමින් ඇති කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටේ ද ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කරයි

මෙරට තුළ මේ වන විට හඳුනාගෙන ඇති කොවිඞ් ප්‍රභේදය ද දිවයින පුරා ව්‍යාප්තවීමේ වේගය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද වෛද්‍ය සමරවීර මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ  පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී ඔහු මේ බව කියා තිබුණි.

රට ධීවර ප්‍රජාව ඉන්දියාවේ සිට පැමිණෙන ධීවර ප්‍රජාවත් සමඟ ගැඹුරු මුහුදේදි සම්බන්ධකම් පැවැත්විමේ ඇති ප්‍රවණාතවයන් නිසා මෙරට තුළට ඉන්දියාවේ පවතින කොරෝනා ප්‍රභේදය බෝවීමේ වැඩි ඉඩකඩක් මතුව ඇති බවත් වෛද්‍ය සමරවීර මහතා මෙම මාධ්‍ය හමුවේදි සදහන් කර තිබේ

කොවිඞ් වෛරසයේ ප්‍රභේදය වෙනස්වීමත් සමග එම වයිරසයේ පැතිරීම වේගවත් වී ඇති අතර එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසක් ආසාදිත තත්ත්වයට පත්වීමේ අවධානම ද මතුව ඇති අතර, මේ වන විට ඉන්දියාවේ පැතිර යන්නේ මේ වයිරසයේ තවත් ප්‍රභේදයක් බව ද වෛද්‍යවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)