Saturday, September 21, 2024

දේශපාලන කම්කරුවන් : ‘ජවිපෙ මහින්දානන්දගෙන් ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි ?’

Must read

4 Shares facebook sharing button Share twitter sharing button Tweet

email sharing button
sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

කොරෝනා ආසාධිත මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු විගාමික ශ්‍රමිකයන් සම්බන්ධව පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ කළ

”කුවේට් රටින් අපට බෝම්බයක්” යන ප්‍රකාශය කතාබහට ලක්විය. එයට එරෙහිව විරුද්ධ පක්ෂයද ප්‍රකාශ නිකුත් කළේය.

අපගේ අවධානය යොමු කළ යුත්තේ මහින්දානන්දගේ ප්‍රකාශය සම්බන්ධව ජවිපෙ මාධ්‍ය සකච්ඡාව දෙසටයි. එය වට්ටෝරු පන්නයේ ප්‍රාසාංගික මාධ්‍ය සකච්ඡාවක් පමණකි. මෙහිදී ප්‍රශ්න දෙකක් පැන නඟියි.

    1 – රාජපක්ෂලා ” කුවේට් බෝම්බ” ප්‍රකාශය කිරීම සඳහා ලොහාන් රත්වත්තේ පාවිච්චි නොකර මහින්දානන්ද අලුත්ගමගේ පාවිච්චි කරන්නේ ඇයි?

    2 – ඉහත පළමු ප්‍රශ්නය ජවිපෙ මහිදානන්දගෙන් මඟ හරින්නේ ඇයි ?

    3 – පළමු ප්‍රශ්නය මහින්දානන්දගේ මුහුණට එල්ල කරන මුෂ්ඨි පහරකි. එය මහින්දානන්දට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද ආලෝකය ගෙනඑයි. මහින්දානන්ද මෙම ප්‍රශ්නයට පිලිතුරු සොයන මාවතේ ගමන් ඇරඹුව හොත් ඔහුට මංසන්ධි  කිහිපයක් මුණ ගැසෙයි. මුලින්ම ඔහුට, ඔහු දේශපාලන සිතියමේ සිටින තැන පිළිබඳව අවබෝධයක් එයි. නැතිනම් ඔහුට කැඩපත හමුවෙයි.

 ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුළ ප්‍රධාන තල දෙකක් ඇත. එකක් පාලක පන්තිය අනෙක දේශපාලන කම්කරුවන් වේ.  මහින්දානන්ද අයත් වන්නේ දේශපාලන කම්කරුවන්ගේ ගොඩටයි. පාලක පන්තියට කළ නොහැකි වැඩ කිරීමට  මහින්දානන්දලා යොදවා ගනියි.

දේශපාලන කම්කරුවන් !

”ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ තුළ ප්‍රධාන තල දෙකක් ඇත. එකක් පාලක පන්තිය අනෙක දේශපාලන කම්කරුවන් වේ.  මහින්දානන්ද අයත් වන්නේ දේශපාලන කම්කරුවන්ගේ ගොඩටයි. පාලක පන්තියට කළ නොහැකි වැඩ කිරීමට මහින්දානන්දලා යොදවා ගනියි.”

 මහින්දානන්දලා පාලනය සම්බන්ධ තීරන ගැනීමට සම්බන්ධ කර නොගනී. ඔවුන්ට තනතුරු සහ වරප්‍රසාද  හිමිවන්නේ ඉහත සඳහන් කළ දේශපාලන කම්කරු වැඩ කිරීම සඳහා පමණකි.

 චන්ද්‍රිකා තමන්ට කළ නොහැකි වැඩ කිරීම සඳහා එස්.බි. දිසානායක පාවිච්චි කළ නමුත් එස්.බි. ඊලඟ  පියවර තියන්න සුදානම් වූ විට චන්ද්‍රිකා එස්.බි. ට හිමි තැන පෙන්වාදිමට පසුබට නොවීය.

චන්ද්‍රිකා මහින්දානන්ද අලුත්ගමගේ ගොඩ නැගුවේ ඇයි ?

අපගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු සොයන මඟ යන මහින්දානන්දට හමුවන පළමු මංසන්ධිය වන්නේ මහනුවර රත්වත්තේලා සිටියදී චන්ද්‍රිකා මහින්දානන්ද අලුත්ගමගේ ගොඩ නැගුවේ ඇයි යන්නයි.

පිළිතුර ලෙස ඔහුට හමුවිමට නියමිත “රත්වත්තේලාගේ ඡන්ද ගොඩට අලුත්ගමගේ නියෝජනය කරන ඡන්ද පදනම  එකතු කර ගැනීමේ පහසුම ක්‍රමයක් චන්ද්‍රිකා තෝරා ඇති බවයි.”  තවත් සරලව මෙය තේරුම් කර ගැනිමට අවශ්‍ය නම් ”නාවලපිටියේදී මහින්දානන්දට විකල්පය ලෙස රනිල් ඉදිරිපත් කරන්නේ ආනන්ද අලුත්ගමගේ”. රනිල්ට ආනන්දත් දේශපාලන කම්කරුවෙක් පමණක් වේ.

රනිල්ට, චන්ද්‍රිකාට වඩා දේශපාලන කම්කරුවන්ට මහින්ද සලකන නිසා ඔවුන් මහින්දට වඩාත් ආකර්ශනය වෙයි.

චන්ද්‍රිකා නොගිය දුරක් යන මහින්ද, මහින්දානන්ද ලොකුමහත් කර ඇත, නමුත් ලොහාන්ගේ තැනට ආදේශ කර නැත. විමල්ට ජාතිවාදී තලයේදීත්, රත්තරන්ට කලුතරදීත්, රොෂාන්ට පොලොන්නරුවේදීත් ලැබී ඇත්තේ මේ දේශපාලන කම්කරු රස්සාවන් ය.

”චන්ද්‍රිකා නොගිය දුරක් යන මහින්ද, මහින්දානන්ද ලොකුමහත් කර ඇත, නමුත් ලොහාන්ගේ තැනට ආදේශ කර නැත. විමල්ට ජාතිවාදී තලයේදීත්, රත්තරන්ට කලුතරදීත්, රොෂාන්ට පොලොන්නරුවේදීත් ලැබී ඇත්තේ මේ දේශපාලන කම්කරු රස්සාවන් ය.”

මහින්දානන්දට හමුවන දෙවන මංසන්ධිය, තමාගේ මූලික ඡන්ද පදනම නියෝජනය කරන පන්තියේ සමාජ ආර්ථික පීඩනයයි.[caste] මෙම ආර්ථික හා සමාජ පීඩනය නිසා මැද පෙරදිග ගෘහ සේවයේ නිරත වන්නේ, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමා නියෝජනය කරන පංතියේ මිනිසුන් බවයි.

මහින්දානන්දට, තුන්වන මංසන්ධියේදී හමුවන ප්‍රශ්නය තමන්ගේ පංතියේ මිනිසුන්ට විහිලු කිරීමට ලොහාන් රත්වත්තේ පාවිච්චි නොකර තමා පාවිච්චි කරන්නේ ඇයි යන්නයි.

 මෙලෙස දේශපාලන කම්කරුවන් යොදවා වැඩ කිරීමේදී පාලකයන්ට යම් සහනයක් ඇත. වැඩේ හරි ගියොතින් හරි, වැරදුනොතින් අළුත් කම්කරුවෙක් ආදේශ කළ හැක.

කොළඹදී භාරත වෙනුවට දුමින්ද ආදේශ වීම :

Bharatha Dumindaකොළඹදී භාරත වෙනුවට දුමින්ද ආදේශ වන්නේ මෙම විධික්‍රමයටයි. භාරතගේ දුව හිරුනිකා, රනිල් ලඟට ගියද ඇයට ලැබුණේ ද දේශපාලන කම්කරු රැකියාවක් පමණයි. චන්ද්‍රිකා අතහැර රනිල් ලඟට යන එස්. බි.ට නැවත ලැබුනේද එම රැකියාවමයි.

දයාසිරිගේ දක්ෂතා දකින රනිල්, ඔහු තවදුරටත් පුහුණු කර දේශපාලන වාදපිටියට යැව්වට පක්ෂයේ තැනක් දෙන්නේ නැත.  රුපවාහිනී සජීවී සංවාදයකදී දයාසිරි සමඟ ගැටෙන හරීන්ටද, මහින්දානන්ද සමඟ ගැටෙන රන්ජන් ද, රනිල්ට දේශපාලන කම්කරුවෙක් පමණකි.

නිවැරදි ප්‍රශ්න නොවිමසා වට්ටෝරු ප්‍රශ්න වර නඟමින් කාලය ගෙවා දමනේ ඇයි ?

අපගේ දෙවන ප්‍රශ්නය, ලංකාවේ වමේ භාවිතාව ගැනය, නිවැරදි ප්‍රශ්න නොවිමසා වට්ටෝරු ප්‍රශ්න වර නඟමින් කාලය ගෙවා දමනේ ඇයිද යන්න එම ප්‍රශ්නයයි. මෙම වට්ටෝරු ප්‍රශ්න දශක ගන්නාවක් තිස්සේ පාලකයන්න්ත්, ජනතාවටත් හුරු පුරුදු ඒවාය, මෙම ප්‍රශ්න කිසිවකු සමඟවත් ඝෘජුව නොගැටෙන සේම, ඒවා සමඟ ගැටීමෙන් කිසිවකුටත් ආලෝකයක් ලැබෙන්නේ නැත.

ජවිපෙ ගොවි ජනතාව නියෝජනය කරන නාමල් කුමාර වර නඟන්නේ ගොවියාගේ ප්‍රශ්න නොව, ගොවියාට ඇතයි ඔහු විස්වාස කරන ඔහුගේම ප්‍රශ්නයි, ගොවියා සිටින්නේ නාමල් සිතන ලෝකය තුළ නොවේ. නාමල් කුමාරට ගොවියාගේ නිවැරදි ප්‍රශ්නය වර නැඟීම  කෙසේ වෙතත් ගොවියා සිතන තැනට ළඟා වීමටත් නොහැකි වි ඇත.

නාමල් මතුකරමින් සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ පරිපාලනමය ගැටළුයි. ඔහු උදව් කරමින් සිටින්නේ ගොවියාට නොව කෘෂිකර්ම අමාත්‍යාංශයට හා දෙපාර්තුමේන්තුවටයි. ඒ අර්ථයෙන් නාමල් කෘෂිකර්ම අමාත්‍යාංශයට මාර්ගෝපදේශනය සපයන උපදේශකයෙකි.

නාමල් කුමාරගේ සිට අනුර කුමාර දක්වා උත්සාහ කරමින් සිටින්නේ නිවැරදි ප්‍රශ්නය ඇසිමට නොව, තත්පර 10 වොයිස් කට් ප්‍රශ්න ඇසීමට පමණයි. එම  වොයිස් කට්  ප්‍රශ්න වලින් ගොවියාට හෝ මෙරට කෘෂිකර්මයට ආලෝකයක් නැත.ඒවා සේවය කරමින් සිටින්නේ මාධ්‍ය ආයතනවල නිව්ස් බෙල්ට් (News belt) පිරවීමටයි.

”නාමල් කුමාරගේ සිට අනුර කුමාර දක්වා උත්සාහ කරමින් සිටින්නේ නිවැරදි ප්‍රශ්නය ඇසිමට නොව, තත්පර 10 වොයිස් කට් ප්‍රශ්න ඇසීමට පමණයි. එම  වොයිස් කට්  ප්‍රශ්න වලින් ගොවියාට හෝ මෙරට කෘෂිකර්මයට ආලෝකයක් නැත. ඒවා සේවය කරමින් සිටින්නේ මාධ්‍ය ආයතනවල නිව්ස් බෙල්ට් (News belt) පිරවීමටයි.”

 අප නැවතත් අපගේ දෙවන ප්‍රශ්නය දෙසට යොමුවෙමු. එනම්, ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය මඟ හරින්නේ ඇයි ? යන්න එයයි.  සමාජය වෙනස් කිරීමට වැඩකරන ව්‍යාපාරයක් නම් ඔවුන් මෙම ප්‍රශ්නය ඇසිය යුතු නොවේද ?

නමුත් ජවිපෙ දේශපාලනය නම්, හැමෝම හිත හොදින් තියාගෙන (මහින්දානන්ද ඇතුළුව) ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට ගන්නා උත්සාහයයි. එනම් සමාජයේ මුල් බැසගෙන ඇති විශ්වාසයන්, සම්මතයන්, සංස්කෘතියේ ආරක්ෂිතයා, නියෝජිතයා වී දේශපාලන බලය ගොඩ නැගීමයි.

ජවිපෙ මෙන්ම මහින්ද, සජිත් හා මහින්දානන්ද නියෝජනය කරන්නේ එම දේශපාලනයයි. එලෙස සමජාතියේ වීම නිසා ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය ඇසිම මග හරින්නේද යන්න ප්‍රශ්නයකි.

ජන ශ්‍රැතිය මත පදනම්ව බලය ගොඩනැමේ ව්‍යාපෘතියක් :

අනුර කුමාර, චන්ද්‍රිකා රජයේ කෘෂිකර්ම ඇමති වශයෙන් කෘෂිකර්මය නඟා සිටුවීමේ ප්‍රචාරක ව්‍යාපෘතිය ලෙස තෝරා ගත්තේ “වැව් දස දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ”  ව්‍යාපෘතියයි.  එය අපේකමේ, ඉතිහාසයේ නියෝජිතයා වෙමින් ජාතිකත්වය මත පදනම්ව බලය ගොඩනැගිමේ ව්‍යාපෘතියකි. ඉතිහාසය දෙසට යාමකි.

අනුර කුමාර කෘෂිකර්මය කාර්මිකකරනය කිරීමේ, නවීකරණය කිරීමේ ප්‍රචාරක ව්‍යාපෘතියක් තෝරා නොගන්නේ ඇයි? . නව තාක්ෂණය, නවීකරණය පිළිබඳව දැනුමක් නැති නිසාද ? ජන ශ්‍රැතිය මත පදනම්ව බලය ගොඩනැමේ ව්‍යාපෘතියක් ලෙසද ? එමෙන්ම ජවිපෙ මහින්දානන්දගෙන් නිවැරදි ප්‍රශ්නය ඇසම මඟහරින්නේ එම ප්‍රශ්නය වර නැගීමට නොදන්නා කම නිසාද ? ජන ශ්‍රැතිය මත පදනම්ව දේශපාලනය කිරීමේ ඔවුන්ගේ ස්ථාවරය නිසාද ?

(3mana.com)

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)