Sunday, September 22, 2024

දිලිත් ජයවීර නඩු මගට : MTV හා සිරස නාලිකාවලට වාරණ නියෝගයක්

Must read

email sharing button

(7.30 pm ) ව්‍යාපාරික දිලිත් ජයවීර සභාපතිත්වය දරන ‘ජෝර්ජ් ස්ටුවට් හෙල්ත්’ (George Steuart Health) පෞද්ගලික සමාගමට එරෙහි සිදුකරනලදැයි කියන අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය විසින් එම්ටීවී හා සිරස නාලිකාවලට වාරණ නියෝගයක් නිකුත්කර ඇත.    ‘එම්ටීවී පුද්ගලික සමාගම’ (MTV Channel Private Limited) එහි ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනය තුලින් ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’  පුද්ගලික සමාගමට එරෙහිව අපහාසාත්මක ප්‍රවෘත්ති විකාශනය කර ඇතැයි චෝදනා කරමින් ගොනු කර ඇති පැමිණිල්ලක් විභාග කළ කොළඹ දිසා අධිකරණය විසින් එම්ටීවී පුද්ගලික සමාගමට එරෙහිව එම වාරණ නියෝගය නිකුත් කර තිබේ.  

‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත්’ විසින් ආනයනය කරන ලද කොවිඞ් ප්‍රතිදේහ පරීක්‍ෂණ කට්ටල (rapid antigen test kits) පිළිබඳව සඳහන් කරමින් නොවැම්බර් මස  11, 13, 16 සහ 19 වැනි දිනයන් හි දී සිරස නාලිකාවේ ‘නිව්ස් ෆස්ට්’ මගින් සිදු කරන ලද ප්‍රවෘත්ති වාර්තා කිහිපයක් ගැන පැමිණිල්ලේ සඳහන් වේ.   එමගින් මහජනතාව නොමඟ යැවීමට හා ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් හා ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ සභාපතිවරයාට අපහාස කිරීම සඳහා අවස්ථා ගණනාවකදී ද්වේෂ සහගත ලෙස නිර්මාණය කරන ලද, අසත්‍ය කරුණු මත පදනම් වූ ප්‍රවෘත්ති විකාශන කර ඇතැයි පැමිණිලිකාර පාර්ශවය විසින් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත. 

  ඔවුන් ඉල්ලා ඇති වන්දි මුදල රුපියල්  බිලියන 2 කි.   එම්ටීවී නාලිකාව ප්‍රමුඛ එහි නියෝජිතයින් සහ සේවකයින්  විසින් ‘ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමගම’, එහි සභාපති සහ එහි ප්‍රධාන නිලධාරීන් ඕනෑම ආකාරයක අපකීර්තියට පමුණුවීම වළක්වමින් අද (23) දින එම වාරණ නියෝගය නිකුත් කර ඇත.   ”පැමිණිලිකාර පාර්ශවය විශේෂයෙන් ප්‍රකාශ කර ඇත්තේ,  ජෝර්ජ් ස්ටුවර්ට් සහ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) නායකත්වය දෙන මාධ්‍ය ආයතන අතර ඇති දිගු කාලින තරගය මෙම ද්වේශ සහගත අමනාපකම් වලට හේතු වී ඇති බවයි.”   පැමිණිලිකාර පාර්ශවය විශේෂයෙන් ප්‍රකාශ කර ඇත්තේ,  ජෝර්ජ් ස්ටුවර්ට් සහ දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර සහ කැපිටල් මහාරාජා සභාපති රාජේන්ද්‍රම් රාජමහේන්ද්‍රන් (කිලී මහාරාජා) නායකත්වය දෙන මාධ්‍ය ආයතන අතර ඇති දිගු කාලින තරගය මෙම ද්වේශ සහගත අමනාපකම් වලට හේතු වී ඇති බවයි.   ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, නීතිඥ රුවන්ත කුරේ සහ නීතිඥ සනත් විජේගුණවර්දනගේ  උපදෙස් පරිදි නීතිඥ එස්. වසන්තකුමාර් නයිල්ස් ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමගම වෙනුවෙන් පෙනී සිටියේය.

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)