Saturday, September 21, 2024

දැන් නම් හොදටම සැපයි !එළවළු හොරුත් බෝවෙති !

Must read

වැලිමඩ දික්කාපිටිය හා කහටපිටිය ගොවි බිම්වලින්  එළවළු සොරා ගත් බව කියන  හත් දෙනකු  අල්ලා පොලිසියට බාර දුන් බව වැලිමඩ පොලිසිය කියා ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
වෙළෙඳපොලේ පවතින අධික මිල හේතුවෙන් මෙම පිරිස සංවිධානාත්මක රාත්‍රී කාලයේ  ගොවි බිම්වලට ඇතුළු වී එසේ අස්වැන්න සොරාගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් එහි සදහන්ය.

සැකකරුවන් අතර මව,පියා සහ  පුතා ද සිටින බව පොලිසිය කියයි.

කරවිල,වම්බටු,තක්කාලි හා වට්ටක්කා ඇතුළු එළවළු වර්ග රැසක් මොවුන් විසින් මෙම පිරිස විසින් සොරාගෙන ඇත. 

රට දැන් පත්ව ඇති අර්බුදයේ තරම එළවළු පවා සොරකම් කරන්නට ජනයා පෙළඹි තිබිමෙන් වඩාත් පැහැදිලි වෙමින් තිබේ.වෙනසකට ඇත්තේ දැන් සැපයිද නිරන්තරයෙන් ම අහන්නට කෙනෙකු නැතිවිමයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)