Saturday, September 21, 2024

දනා කියන්නේ රත්තරං ක්‍රීඩකයෙක්

Must read

December 26, 2020 Leave a Comment

පිතිකරුවන් විදිහට ගත්තත් ලොකු නම් අතර වැඩිය කතා වෙන්නේ නැති පිතිකරුවෙක් උනාට තුන් ඉරියව්වෙන්ම පොහොසත් දනා කියන්නේ කන්ඩායමේ සමබරතාවය රකින නැතුවම බැරි රත්තරං ක්‍රීඩකයෙක්.

එදා අකිලට තරග තහනම් පනවද්දි කන්ඩායමේ දග පන්දු භූමරංගය වෙලා කන්ඩායමට අවශ්‍ය දේ තමන්ගේ උපරිමයෙන්ම දුන්නා මතක ඇති.

දනා කියන්නේ පලමු පෙල තරගවල මුල්පෙල පිතිකරුවෙක් !

හැබැයි ජාතික කන්ඩායමේ ආරම්භක පිතිකරුවන් වැහි වැහැලා ඉන්න හින්දම දනා කන්ඩායමේ තිරිමාන්නලා වගේ වීදි හණිකාවක් වුනා.

තැනින් තැනට එයාගේ පිතිකරන ස්ථානය මාරු කලා. හැබැයි දනා තිරිමාන්නලා වගේ තැන මොකද්ද කියලා ලොකුවට ඔලුවට ගන්නේ නැතුව එයාට නුහුරු උනත් කන්ඩායමට අවශ්‍ය දේ තැනට සුදුසු විදිහට දෙන්න ලැබෙන හැම අවස්ථාවෙම උත්සහ කළා.

ඒ උත්සහය අද සාර්ථක වෙලා තියෙනවා. දනා කියන්නේ අද කන්ඩායමේ නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙලා තියෙනවා.

දසුන් ශානක නිමා වුන එල් පි එල් තරගාවලියේ සාර්ථක වෙලා ටෙස්ට් කන්ඩායමේ ඉඩ වෙන් කර ගන්නවා. ඉතිං මේ ටෙස්ට් තරගාවලියේ දසුන් සාර්ථක වෙලා තරග රටා තුනටම ගැලපෙන ක්‍රීඩකයෙක් කියලා එයාට බලධාරින්ගේ ඇස් අරින්න හැකි වුනොත් දනා කියන රත්තරං ක්‍රීඩකයා තව දුරටත් එක්දින සහ විස්සයි විස්ස තරග රටා දෙකේ පසුපෙල පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරවන්න ඕනේ නැති වෙනවා. ඒ මොකද එතකොට අපිට පසුපෙලට දසුන්, තිසර සහ වනිදු කියන ප්‍රහාරක සෙබළු ඉන්නවා.

ඒ වගේම තමයි දනා කියන්නේ පන්දුව ඇහැට හුරු කර ගන්න ටිකක් වෙලා ගන්න ක්‍රීඩකයෙක්. ඉතිං ඒ වගේ කෙනෙක් විස්සයි විස්ස සහ එක්දින තරගවල මුල් පෙලින් එනවා නම් දනංජය කියන පිතිකරුවා ගැන මීට වඩා අවධානයෙන් බලන්න පුළුවන් !

ටෙස්ට් ආකෘතියට නම් දනා කියන්නේ කොහේ ආවත් තැන ප්‍රශ්නයක් නොකර ක්‍රීඩා කරන දක්ෂයෙක්.

දනා මේ වෙද්දි එයාගේ හොදම ටෙස්ට් ඉනිම ගහන්නේ නොම්බර තුන පිතිකරුවෙක් විදිහට ඇවිත්. එදා දනා ලකුණු 173ක් ලබ ගන්නවා.

ඒ වගේම අද දනා හිස් වුනු ඇන්ජිගේ අඩුව පුරවන්න නොම්බර පහ පිතිකරුවා විදිහට ඇවිත් චන්දි එක්ක වටිනා සම්බන්ධතාවයක් පවත්වලා මනරම් අර්ධ ශතකයක් ගෙත්තම් කරනවා. ඒකත් කන්ඩායම අඩියටම වැටුනු වෙලාවේ.

ඒ වගේම දනාගේ නොම්බර හයේ පිතිකරුවෙක් විදිහට ටෙස්ට් පිතිකරන සාමාන්‍යය 46.64ක් තියෙනවා. එයා ගහපු ශතකවලින් ශතක තුනක් ගහන්නේ නොම්බර හයට ඇවිත්.

අංක හතේ පිතිකරුවෙක් විදිහටත් දනා සාර්ථකයි. එක් ශතකයක් එක්ක ලකුණු 429ක් රැස් කරලා 35.75ක පිතිකරන සාමාන්‍යයක් රදවා ගන්න දනා දක්ෂ වෙලා තියෙනවා.

එක් ඉනිමක අංක අටේ පිතිකරුවෙක් විදිහට ඇවිල්ලත් දනා අර්ධ ශතකයක් රැස් කරනවා.

ඒ වගේම ආරම්භක පිතිකරනය සහ අවසාන පිතිකරුවා හැරෙන්න දනා නොම්බර හතර සහ නවය කියන තැන්වලත් ලක් මැණියන් වෙනුවෙන් ටෙස්ට් පිටියට ඇවිත් සටන් කරනවා.

මෙහෙම ක්‍රීඩකයෝ හරි අඩුයි.

දඟ පන්දු ‍යවන්නෙක් විදිහට කන්ඩායමට ඕන දේ දෙනවා වගේම පන්දු ‍රැකිමෙන් එහෙන් දායක වෙද්දි එයාට දෙන හැම අවස්ථාවකින්ම කොහේ දුන්නත් ගහන පිතිකරුවන් මේ ලෝකයේ ඉන්නේ හරි අතලොස්සයි.

අන්න ඒකයි කතාව පටන් ගද්දිම කිව්වේ දනා කියන්නේ රත්තරං ක්‍රීඩකයෙක් කියලා. දැනට ලංකාවේ ඉන්න හොදම පිතිකරුවා ඇන්ජි වෙන්න ඇති. මෙන්ඩා ඉදිරියෙදි ඒ තැන ගනි කියලා මිනිස්සු විශ්වාස කරනවා ඇති. චන්දි කියන්නේ ඇන්ජි එක්ක කන්ඩායමේ බර අදින්න පුළුවන් අනිත් යෝධයා වෙන්න ඇති. දිමුත් කියන්නේ අපිට ඉන්න හොදම නායකයා සහ හොදම ආරම්භක පිතිකරුවා වෙන්න ඇති. හැබැයි දනා කියන්නේ අද අපේ ක්‍රිකට්වල ඉන්න වටිනාම ක්‍රීඩකයා.

කොහේ දුන්නත් මොන දේ දනාට භාර දුන්නත් තමන්ගේ වැඩේ හරියටම කරන කන්ඩායමේ සමබරතාවය රකින තරාදි පඩිය තමයි දනංජය ද සිල්වා කියන්නේ.

අද වෙනකල් කන්ඩායමේ හරි තැනක් නොතිබුනාට විශේෂයෙන් ටෙස්ට් හැර අනිත් තරග ආකෘති දෙකේවත් දනාටම කියලා කන්ඩායමේ හරි ආසනයක් වෙන් කරොත් දනා කියන්නෙත් සනාලා දිල්ශාන්ලා වගේම අනාගතයේ අපිට කතා කරන්න පුළුවන් තුන් ඉරියව් දැවැන්තයෙක් වේවී.!!!

©️ Rishie Bro
lankatruth.com

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)