Sunday, September 22, 2024

දකුණේ කොරෝනා රෝගින් 1000 ඉක්මවයි ! ගාල්ලෙන් මරණ 4 ක් !

Must read

දකුණු පළාතේ කොරෝනා ආසාදිත රෝගින්ගේ සංඛ්‍යාව 1071 දක්වා  වැඩිවි ඇති බැව් දකුණු පළාත් කෙවිඩ් මෙහෙයුම් සම්බන්ධිකරණ කාර්යාලයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතා පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

( ඊයේ 01) දිනය තුල  දකුණු පළාතෙන්  නවකොවිඩ් ආසාදිත රෝගින් 31 දෙනෙකු වාර්තා වි ඇත. ඉන් රෝගින් 28 දෙනෙකුම වාර්තා වි ඇත්තේ  මාතර දිස්ත්‍රික්කයෙන් බවද තවදුරටත් ඒ මහතා පවසා තිබුණි

මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 28 දෙනෙකු වාර්තා වි ඇත. ඊයේ (01) දිනය තුල දික්වැල්ලෙන් රෝගින් 11 දෙනෙකු වැලිගමින් 15 දෙනෙකු,කොටපොළ හා පස්ගොඩ යන ප්‍රදේශිවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත. ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව හා  කරන්දෙණිය යන ප්‍රදේශවලින් රෝගින් එක් අයෙකු බැගින් වාර්තා වි ඇත. හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් රෝගියකු වාර්තා වි ඇත.

ඒ අනුව මේ දක්වා කාලය තුලදි ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රොගින් 605 නෙකු වාර්තා වි ඇති බවද චාමර මහගමගේ මහතා පවසයි. මාතර දිස්ත්‍රික්කයෙන් රෝගින් 386 දෙනෙකු වාර්තා වි ඇති අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති රෝගින් සංඛ්‍යාව 80 දෙනෙකි. මේ වනවිට දකුණු පළාතේ පවුල් 1474  අයත්  පුද්ගලයින් 3435 දෙනෙකු නිවෙස්වල නිරෝධායන වෙමින් සිටින බවද  ඒ මහතා පවසයි. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල්730  අයත් පුද්ගලයින් 1615 දෙනෙකු, මාතර දිස්ත්‍රික්කයේ පවුල්393 අයත් පුද්ගලයින් 1326 දෙනෙකු. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල්351 අයත් පුද්ගලයින් 494 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

මේ අතර ගාල්ල, ගිංතොට නිවසක දී මියගිය පුද්ගලයකු කොරෝනා ආසාදිත අයකු බව අද (02දා) තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා පවසන්නට යෙදුණි

මියගොස් ඇත්තේ ගිංතොට, මහහපුගල, පොල්දූව වත්තේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු ඊයේ (01) නි‍වසේ දී මියගොස් සිටි අතර සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ ගෙනවිත් පීසීආර් පරීක්ෂණයක් සිදුකළ බව නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.ජී.බී.කරුණාතිලක මහතා පවසයි. එම පරීක්ෂණයෙන් ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
‍දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය රුවන් නානායක්කාර මහතා විසින් සිදුකිරීමට නියමිතව ඇත. 

මෙම මරණය කොරෝනා ආසාදනයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සිදුවූ සිව්වැනි මරණයයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)