Saturday, September 21, 2024

ත්‍රස්තවාදය වැලැක්වීමේ සංශෝධිත පනතක් මැතිසබයට – සුමන්දිරන් ගෙන් බාල්දියක්

Must read

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පතට අලුත් සංශෝධන ඇතුළත් කෙරුණු සංශෝධිත පනත් කෙටුම්පතක් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්

පීරිස් විසින් පාර්ලිමේන්තුවට අද (10) ඉදිරිපත් කරනු ලැබීය.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරි දිනෙක විවාදයට ගැනීමට නියමිතය. මෙම පනත කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍යවරයා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, අධිකරණ අමාත්‍යවරයා වෙනම පනතක් ගෙන එන බව ප්‍රකාශ කර ඇති අවස්ථාවක සංශෝධිත පනතක් ඉදිරිපත් කළේ කුමකටදැයි ප්‍රශ්න කළේය.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස් පැවසුවේ ස්ථාවර නියෝග අනුව මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බවයි.

කිසිවකු හෝ මෙම පනත් කෙටුම්පතට විරුද්ධ නම් ඔවුනට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද ඔහු පැවසුවේය.

මේ අවස්ථාවේදී සුමන්දිරන් මන්ත්‍රීවරයා හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)