Saturday, September 21, 2024

ත්‍රස්ත පණතට එරෙහිව මඩකලපු ගිය අරගලකරුවන්ට දමිළ සිරකරුවන් අමතක වුනේ ඇයි?

Must read

ත්‍රස්ත පනත යටතේ සිරගත කොට ඇති වසන්ත මුදලිගේ ඇතුලු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලා සිටි බැනරයක්ද පෙරටු කොට ගෙන මඩකලපුවේදි විරෝධතාවයක් දැක්විමට දකුණෙන් ගිය අරගලකරුවන්ට වසර ගණනාවක් තිස්සේ සිරගත කොට ඇති දමිළ සිරකරුවන් අමතකව තිබිම අහම්බයක්ද යන ගැටලු මේ මොහොතේ මතුකල යුතුව ඇති ඉතාමත් වැදගත් දේශපාලනික කරුණකි.

කෙසේ වෙතත් දකු⁣⁣ණේ අරගලකරුවන් උතුරේදි මෙන්ම නැගෙනහිරෙත් විරෝධතා දැක්විමට එක්විම වැදගත් වර්ධනයකි.එහෙත් ත්‍රස්ත පණත යටතේ වසර ගණනාවක් තිස්සේ දමිල සිරකරුවන් 50කට ආසන්න සංඛ්‍යාවක් සිටියදි දකුණෙ අරගලකරුවන් බැනර් තුලට එය සටන් පාඨයක් බවට දකුණෙදි පමණක් නොව නැගෙනහිරෙදි ඇතුලත් නොවිම බරපතල කරුණකි.

දකු⁣නේ ප්‍රගතිශිලි යැයි කියාගත්ත බහුතරයක් වාමාංශික පක්ෂ සහ කණ්ඩායම වල දේශපාලන මනස තුලට එදා මෙන්ම අදත් උතුර සහ නැගෙනහිර පොළව ඇතුලු නැතිබව ඉතා පැහැදිලිය.

මිට වසර 35කට ඉහතදි යාපනයේ නල්ලුර් කෝවිල අබියසදි උපවාස කොට මිය ගිය තීලිපන් දමිල සිරකරුවන් නිදහස් කිරිම සහ ත්‍රස්ත පණත අහෝසි කිරිම ඇතුලු ඉල්ලිම් 5ක් මතුර තිබුණි.

කෙසේ වෙතත් දකුණේ අරගලකරුවන් බහුතරයකට උතුරේ සහ නැගෙනහිර ජනයාගේ ප්‍රශ්ණ ගැන වැඩි අවධානයක් එදා සිටම තිබුන බවක් නොපෙනේ.

එපමණක් නොව දකුනේ මාධ්‍ය පවා උතුරු නැගෙනහිර අරගල ගැන සිටින්නේ නෑසු කන්වය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)