Saturday, September 21, 2024

තවත් කටුකම්බි එතූ තල්පිති ප්‍රහාරයක් ගැන 682 වැනි බල සේනාවට චෝදනා

Must read

කටුකම්බි එතූ තල් පිත්තකින් පහරදී තුවාල සිදු කළ බවට දෙමළ රියදුරකු විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ කඳවුරු බැඳ සිටින යුද හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව පැමිණිලි කර තිබේ.
ප්‍රහාරයෙන් සිදුවූ තුවාල වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ටිපර් රථ රියදුරා පුදුකුඩියිරුප්පු මූලික රෝහලට ඇතුල් කරන ලදැයි පළාත්බද මාධ්‍යවේදීහු වාර්තාකරති.

වන්නිවාසීන්ට පහර දීම සඳහා යුද හමුදාව කටුකම්බි එතූ තල් පිති පාවිච්චි කරන බවට දෙමාසයක් ඇතුලත වාර්තාවූ දෙවැනි අවස්ථාව මෙයයි.

පහර කෑමට ගොදුරුවූ 41 හැවිරිදි විවාහකයකු වන නවරත්නම් උදයසීලන් රෝහලේදී මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර ඇති පරිදි ජනවාරි 24 සඳුදා පාන්දර තුනට පමණ කයිවේලි ප්‍රදේශයේ ඔහු විසින් පදවාගෙන යමින් සිටි ටිපර් රථය නැවතූ සිවිල් ඇඳුමින් යුත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් වාහනයේ පටවා ඇත්තේ කුමක් දැයි ප්‍රශ්න කර  තිබේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි 68 වැනි සේනාංකයට අයත් 682 වැනි බල සේනා මූලස්ථානයේ බවට විශ්වාස කෙරෙන එම නිලධාරීන්ට රියැදුරා පවසා ඇත්තේ රථය හිස් එකක් බවයි.

ඒ අවස්ථාවේ තමන් වාහනයෙන් බස්සා ගෙන පහර දුන් බව පවසන උදයසීලන් පොලිස් පැමිණිල්ලේ සඳහන් කර ඇති පරිදි අඩුම තරමින් දෙදෙනකුවත් කෙරෙන් මත්පැන් ගඳ වහනය වී ඇත.

පහර දුන් දිනයේ සවස් යාමය වනවිට යුද හමුදා නිලධාරීන් බව පවසන පුද්ගලයන් උදයසීලන්ගේ ඥාති මිත්‍රාදීන්ට දුරකතනයෙන් අමතමින් පැමිණිල්ල ඉල්ලා අස් කරගෙන සමාදාන වන ලෙස බල කරන බව රියැදුරා මාධ්‍යවේදීන්ට පවසා තිබේ.

IMG 4783

මීට දෙමාසයකට ඉහතදී ද යුද හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුල්ලිවයික්කාලේ දී දෙමළ මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් ට කටුකම්බි එතූ තල් පිත්තකින් පහර දී තිබුණි.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිවූ තොරතුරු “විදේශගත මාධ්‍යවේදීන් විසින් හමුදාවේ ප්‍රතිරූපය කෙලෙසීම සඳහා” පල කරන ලද ඒවා ලෙසින් සැනින් හෙලා දුටු ශ්‍රී ලංකා යුද හමුදාව ඉන් පසුව මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා තිබුණි.

එම ප්‍රහාරයට සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබුනේද 682 වැනි බල සේනා මූලස්ථානයේ තරුණ සෙබළුන් තිදෙනෙකි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)