Saturday, September 21, 2024

ජන අප්‍රසන්න මුහුණ රැසක් සමගින් නව කැබිනට්ටුව ලබන සතියේ ???

Must read

දැනට පත් කර ඇති තාවකාලික කැබිනට් මණ්ඩලය වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් ලබන සතියේ දී පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර ඇති නමුත්,සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බැවින්,සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් යටතේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි දැනගන්නට ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.

මෙම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කැබිනට් අමාත්‍යධුර හිමිවිය යුතු දිස්ත්‍රික් නායකයන්ගේ ලැයිස්තුවක්ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.

ජන අප්‍රසන්නලාටත් ඇමතිකම් ?

වෛද්‍ය රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග , ජනක බණ්ඩාර තෙන්නකෝන් ,,ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක, පවිත්‍රා වන්නිආරච්චි, එස් එම් චන්ද්‍රසේන,නාමල් රාජපක්ෂ, ආචාර්ය බන්දුල ගුණවර්ධන,සනත් නිශාන්ත,කංචන විජේසේකර යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇතැයිද දැනගන්නට තිබේ.

සමගි බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ද, නව කැබිනට් මණ්ඩල ට ඇතුළත්වීමට නියමිතව ඇති අතර,ලංකා කම්කරු කොංග්‍රසයේ ජීවන් තොන්ඩමන්,ජාතික කොංග්‍රසයේ නායක ඒ එල් එම් අතාවුල්ලා යන මහත්වරුන්ටද අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද ආණ්ඩුව තුළ සාකච්ඡා වෙමින් පවතින බව දැනගන්නට ඇත.

කැබිනට් මණ්ඩලය තිස්දෙනකුගෙන් පමණ සමන්විත වනු ඇතැයි පැවසේ
මුලාශ්‍රය – ලංකාදිප

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)