Saturday, September 21, 2024

ගුරු විදුහල්පති සටන රටපුරා පැතිරෙයි ! මහින්දටත් මරණ තර්ජන.

Must read

24 වසරක් පුරා ගුරු විදුහල්පති හිග වැටුප් ලබා නොදිම සහ අධ්‍යාපනය මිලිටරිකරණය කිරිමට ඒරෙහිව ක්‍රියාත්මක ගුරු විදුහල්පති වර්ජනය සහ විරෝධතාවය මේ වන විට අති සාර්ථක ලෙසින් රට පුරාම ක්‍රියාත්මක වෙමින් තිබේ. ඉතිහාසයේ කිසිදු සිදුව නැති ආකාරයෙන් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකට එක්ව මෙම දැවැන්ත අරගලයට නායකත්වය දෙමින් සිටිති.
මේ අතර ලංකාට්‍රෲත් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ හට මේ වන විට මරණ තර්ජන එල්ල වෙමින් ඇති බවය.

ගුරු විදුහල්පතිවරුන් ආරම්භකර තිබෙන වෘත්තීය සටන් ක්‍රියාමාර්ගය මහමඟ මරා දැමුවද ජයග්‍රහණයෙන් මිස නතර නොකරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.

දුරකතනය හරහා ඇමතුම් ලබා දෙමින් සිදු කරනු ලැබූ මරණ තර්ජනයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අද (30) දින ඔහු මේ බව පැවසීය. මේ වනවිට ගුරු – විදුහල්පතිවරුන් මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම්වලින් ඉවත්ව සිටින අතර එම වෘත්තීය ක්‍රියාමාර්ගයට මේ වනවිට දින 20කට ආසන්න කාලයක් ගතවී ඇතත් ආණ්ඩුව මේ දක්වා එම ගැටලු වලට විසඳුම් ලබා නොදෙමින් මඟ හරිමින් සිටී.

එවැනි තත්වයකදී පසුගිය දිනෙක කිසියම් පුද්ගලයකු විදෙස් රටක සිටි තමාට දුරකතන ඇමතුමක් ලබා දෙමින් මහ මඟ බල්ලෙකු සේ මරා දමන බවට තර්ජනය කළ බව මහින්ද ජයසිංහ පවසයි. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින්.. ” ගුරුවරු, විදුහල්පතිවරු මේ සටනට අවතීර්ණ වෙලා ඉන්නේ කොවිඩ් අවධානමක් තියෙද්දී. ගුරුවරු විදුහල්පතිවරු කියන්නේ මෝඩයෝ නෙවෙයි. ආණ්ඩුව ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි. අපි මහ මඟ මරා දැමුවත් මේ සටන ජයග්‍රහණයෙන් මිස නතර කරන්නේ නැහැ.” යනුවෙන් පැවසීය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)