ළමා අපයෝජනයට එරෙහි දැනුවත් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් අද (13) උදෑසන පැවැත්විණි. මඩකලපුවේ දිස්ත්‍රික් කාන්තා ජාලය විසින් මඩකලපුවේ චෙන්කලාඩි මංසන්ධියේදි මෙම විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. . ඔවුන් “ගැහැණු ළමයින් විකුණන්න එපා, ගැහැණු ළමයින් විකුණන්න එපා, එය ඔබේ මාතෘත්වය, ගැහැණු ළමයින් දූෂණය නොකරන්න, වින්දිතයාට යුක්තිය ඉටු කිරීමට උදව් කරන්න” වැනි සටන් පාඨ සහිත බැනර් ප්‍රදර්ශණය කරමින් මෙම කාන්තා ක්‍රියාකාරිණියන් පිරිස මෙම විරෝධතාව දක්ව තිබුණි.
විරෝධතාවයෙන් පසුව ඔවුන් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ගොස් ඔවුන්ගේ ඉල්ලීම ඇතුළත් ලිපිය රජයේ නියෝජිතයාට භාර දිමට පියවර ගත්හ.


