Sunday, September 22, 2024

ගල්කිස්ස වෙරළ දිගේ වැලි ගොඩගැසී ඇතැයි කීම අසත්‍යයක්

Must read

මාධ්‍ය නිවේදනය27/03/2021, කොළඹ- 2020

මාර්තු මාසයේදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව (CCD) විසින් සිදු කරන ලද ගල්කිස්ස වෙරළ පෝෂණ ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් ලෙස ගල්කිස්ස වෙරළ යථා තත්ත්වයට පත්ව ඇති බව පවසමින් සමාජ මාධ්‍ය ප්‍රකාශ කිහිපයක් මේ වන විට සංසරණය වෙමින් පවතින බව අපගේ අවධානයට ලක්ව තිබේ.

රළ තරංග වෙනස්වීම් හේතුවෙන් ගෝලීය වශයෙන් සියලුම වෙරළ තීරයන් සෘතුමය වෙනස්කම් වලට භාජනය වේ. නිරිතදිග තරංග දේශගුණය මත මෝසම් ක්‍රමය තීරනය වන ශ්‍රී ලංකාවේ, ඊසානදිග මෝසම් කාලයේදී (නොවැම්බර් සිට අප්‍රේල් දක්වා) පුළුල් වෙරළ තීරයන් සහ නිරිතදිග මෝසම් සමයේදී පටු වෙරළ තීරයන් අපට දැකිය හැකිය. අප දැන් අත්විඳින පරිදි මාර්තු-අප්රේල් කාලය තුළ වෙරළ තීරය පුළුල් වේ. වෙරළ කෘතිමව පෝෂණය කිරීමකින් තොරව සිදුවන මෙය ස්වභාවික චක්‍රයකි. නිරිතදිග මෝසම ආරම්භ වීමෙන් පසු මුහුදු වෙරළ පටු වනු ඇත.

මේ අනුව, මේ අවස්ථාවේ ගල්කිස්ස වෙරළ තීරයේ පුළුල් වෙරළක් නිරීක්ෂණය කිරීම පුදුමයක් නොවේ.පාරිසරික බලපෑම් තක්සේරුවක් සහ පවත්නා වැලි තත්වය පිළිබඳ අධ්‍යයනයක් නොමැතිව වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 890 ක් වියදම් කිරීමට තීරණය කළ විට, වෙරළ අවම වශයෙන් වසර පහක්වත් පවතිනු ඇති බව ඔවුන් පොරොන්දු විය.

එහෙත්, 2020 දී වැලි පිරවීමෙන් දින කිහිපයකට පසු, ගල්කිස්ස, අගුලාන සහ කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන් සැලකිය යුතු වැලි ප්‍රමාණයක් ගසාගෙන ගියේය. 2021 මාර්තු මාසයේදී එම වැලි නැවත වෙරළට පැමිණ ඇති බව පැවසීම විද්‍යාත්මකව පිලිගත නොහැක. එබැවින්, වැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා පැතිරවීමට පෙර ඉදිරි මෝසම් සමයේදී වර්තමාන වෙරළ තීරය පවතිනු ඇත්දැයි තක්සේරු කිරීමට තවත් මාස කිහිපයක් බලා සිටීම අත්‍යවශ්‍ය වේ.ඕෂන්ස්වෙල් සහ බටහිර ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය අතර සහයෝගීතා ව්‍යාපෘතියක කොටසක් ලෙස, වෙරළ පෝෂණයෙන් පසු වෙරළ වෙනස්වීම් නිරීක්ෂණය කිරීම සඳහා 2020 ජුනි 18 සිට ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර වෙරළ සමීක්ෂණයක් සිදු කරමින් සිටී.

සිරිපාල පාර සහ ශ්‍රී ධර්මපාල මාවත අතර කොටස හැරුණු විට මූලික දත්ත විශ්ලේෂණයෙන් ගල්කිස්ස සහ වැල්ලවත්ත අතර සැලකිය යුතු වැලි ගොඩවීමක් මේ දක්වා පෙන්නුම් කර නොමැත. මෙම ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වන අතර අවසාන නිගමන යථා කාලයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.එබැවින් මෙම වැලි පිරවුමේ අසාර්ථකත්වය ධනාත්මක අර්ථයකින් නිරූපණය කිරීමට උත්සාහ කරන ඇතැම් ආයතන පිළිබඳව විමසිලිමත් වන ලෙස අපි මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

(END)Photo Credit: Muditha Katuwawala Date: 26 March 2021For more information: Prof. Charitha Pattiaratchi, University of Western Australia Hemantha Withanage, Centre for Environmental Justice 0777600503 Muditha Katuwawala, The Pearl Protectors 0716355865

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)