Saturday, September 21, 2024

කෝවිඩ් මුවාවෙන් සමිති නායක මර්දනය හෙලා දකිමින් කඳුකරයේ විරෝධතා

Must read

pinterest sharing button
messenger sharing button

නීති විරෝධි ලෙස වෘත්තීය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ජනතාව පීඩාවට පත් කරන වැඩ පිළිවෙල නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමින් කඳුකරයේදී  විරෝධතාවක් දියත් කර තිබේ. මස්කෙළිය ප්‍රදේශිය සභාව ඉදිරිපිට ජුලි 12 සදුදා පෙරවරුවේ ප්‍රදේශිය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විරෝධතා පුවරු  ද ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය  දියත් කළ බවයි පළාත් බද වාර්තාකරුවන්  පවසන්නේ.   ජනතාවගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් සටන් කරන වෘත්තිය සමිති නායකයන් අත්අඩංගුවට ගැනීම වහාම නතර කරන ලෙස රජයට බල කර ඇති ඔවුන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තාකරණයේ යෙදෙන ජන මාධ්‍යට එරෙහි මර්දනය ද නතර කරන ලෙසයි.   මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ලෙසද ඔවුන් රජයෙන් ඉල්ලා තිබේ.    

                                     රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම නිසා වතුකරයේ ජනතාව මහත් පීඩාවට පත්ව සිටින බව පෙන්වා දෙන ප්‍රාදේශිය පාලකයන් රජයෙන් තව දුරටත් ඉල්ලා ඇත්තේ ඉන්ධන මිළ මෙන්ම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලද වහාම අඩු කරන ලෙසයි.   රුපියල් දහස දක්වා ඉහළ දැමු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වතු හාම්පුතුන් විසින් කප්පාදු කරන  බව පෙන්වා දෙන ඔවුන් ඉල්ලා ඇත්තේ, තේ කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් දහස ලබා දීම වෙනුවෙන් මැදිහත් වන ලෙසයි.   වතු කම්කරුවන්ගේ දිනක මුලික වැටුප රුපියල් දහසක් ලෙස පඩිපාලක සභාව මගින් නියම කොට එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇතත්, වතු සමාගම් විසින් විවිධ අසාධාරණ කොන්දේසි පනවමින් මූලික වැටුප රුපියල් දහස කප්පාදු කිරීමට විරෝධය දක්වමින් පසුගිය කාලය තුලදී වතු කරයේ විරෝධතා රැසක්  දියත් කර තිබුනි.

     theleader.lk  

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)