Saturday, September 21, 2024

කෝප් කමිටුවට චරිත වෙනුවට ලංසා ???

Must read

ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු ‘පොහොට්ටු පක්ෂයේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ’

මන්ත්‍රීවරුන් අද (20) අනුරාධපුරයට පැමිණ ආගමික වතාවත්වල නිරතවිය.


ඩලස් කණ්ඩායම කණ්ඩායමේ අලුත් ගමන ආරම්භවීමත් සමග රාජපක්ෂ කඳවුරෙන් ඔවුන් වෙත සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ. එම ප්‍රහාරයේ මුලික ඉලක්කය වී ඇත්තේ ඩලස් ගේ දේශපාලන ප්‍රතිරූපය අභියෝගයට ලක්කිරීම බව පැහැදිලිව ප්‍රදර්ශනය වන බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

අභිනව ජනාධිපති තෝරා පත්කරගැනීම සඳහා පසුගිය ජුනි 20 වෙනිදා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙදී එජාප නායක රනිල් වික්‍රමසිංහට එරෙහිව ඩලස් අලහප්පෙරුම ඉදිරිපත්වූ අතර එහිදී ඔහු පරාජයට පත්විය.

ඉන් අනතුරුව ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුතු පොහොට්ටුවේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජිකයින් ඉලක්ක කරගත් බරපතල පළිගැනීමේ මෙහෙයුමක් මේවනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ.

එහි පළමු පියවර ලෙස ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේ පක්ෂනායක කමිටුවෙන් (Committee on Parliamentary Business ) ඉවත් කර ඇත.

 මේ අතර කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාවේ (Committee on Public Enterprises) සභාපති ලෙස කටයුතු කල මහාචාර්ය චරිත හේරත් මෙවර කෝප් කමිටුවෙන්ම ඉවත් කිරීමේ සුදානමක් පවතින බව වාර්තාවේ. ඒ වෙනුවට නිමල් ලන්සා පත්කිරීමට නියමිතව ඇතැයි ද ලිඩර් වෙබ් අඩවිය විසින් සදහන් කර තිබේ.
නිමල් ලංසා යනු ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම අප්‍රසාදයට ලක්ව සිටින බැසිල් හිතවාදියෙකි.


 කෝප් කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ අවසන් වාර්තාව අගෝස්තු 29 දා කතානායකවරයා විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

මෙසේ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමුකරන ලෙස පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණ.
මුලාශ්‍රය – theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)