Saturday, September 21, 2024

කොවිඩ් නිසා මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම ගැටලුවක් නොවෙයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

Must read

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් භූමදානය කිරීමේ ගැටලුවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පැවසු බව newsfirst.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ

එම සංගමයේ සභාපතිත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය යි.

පුද්ගලයෙකු මියගිය පසු පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොවිඩ් 19 වෛරසය ශරීරගත වී ඇති බවට වාර්තා වුවත් දේහයෙන් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දී තිබෙන බව වැඩිදුරටත් එහි සදහන්ය

දැනට පවතින විද්‍යාත්මක දත්ත පදනම් කරගෙන පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

01. කොවිඩ් 19 ආසාදනය වන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් වන අතර, කුස සහ බඩවැල් ආශ්‍රිත පද්ධතිවලින් මෙම වෛරසය ආසාදනය වීමක් මින් පෙර කිසිදු අවස්ථාවක වාර්තා වී නොමැති බව.

02. වෛරසයට ජීවත් විය හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් එයට මෘත දේහයක් තුළ සැලකිය යුතු කාලයක් ජීවත් වීමට ඇති ඉඩකඩ ඉතාමත් අල්ප බව.

03. පශ්චාත් මරණ පරීක්ෂණයේදී පී.සී.ආර්. පරීක්ෂණයකින් අදාළ පුද්ගලයා ආසාදිතයෙකු වීම මත ඔහුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය විය හැකි බවට නිගමනය කළ නොහැකි බව.

04. කොවිඩ් 19 ආසාදිතයින්ගේ මළ මුත්‍රා ආදිය ජල පද්ධතියට එක් වීමෙන් සිදු විය හැකි හානිය, දේහ මිහිදන් කිරීම තුළින් ඇති විය හැකි අපවිත්‍රතාවකට වඩා දැඩි ලෙස බරපතල බව.

05. මෙම වෛරසයේ කොටස් භූගත ජලය තුළ මීට පෙර සොයාගෙන ඇති නමුත් එමගින් බෝ වී ඇති අවස්ථා කිසිවක් වාර්තා වී නොමැති අතර, දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් වූ මෙවැනිම වෛරස වන, ඉන්ෆ්ලුවෙන්සා හා සාස් වෛරස ද මේ ආකාරයෙන් ආසාදනය වීම් පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති බව.

06. ඩෙන්මාර්කයේ කොවිඩ් හේතුවෙන් මරා දැමුණු මුගටි විශේෂයෙන් විශාල ප්‍රමාණයක් මිහිදන් කර නැවත ගොඩට ගැනීම සිදු වූයේ එරට භූගත ජලය දූෂණය වීමක් නිසා නොවන බවත්, එම මුගටි විශේෂයේ මළ සිරුරු දිරාපත් වීම නිසා ඇති වූ නයිට්‍රජන් අපද්‍රව්‍ය නිසා ඒ ආසන්නයේ පිහිටි ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සිදුව ඇති බව.

07. ජලය මාර්ගයෙන් විශාල වශයෙන් ව්‍යාප්ත වන කොළරාව වැනි රෝගයකදී වුවද එය ආසාදිතව මියගිය අයගේ සිරුරු මිහිදන් කිරීමට සෑම විටම ඉඩ ලබා දී ඇති බව.
මුලාශ්‍රය -www.newsfirst.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)