Saturday, September 21, 2024

කොරෝනා සංඛ්‍යා ලේඛන අවුල් වෙද්දි එළිමහන් සංගීතවලටත් අවසර ..

Must read

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දෛනිකව නිකුත් කරන කොවිඩ් සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා ඇතැයි නිව්ස් 19 වෙබ් අඩවිය වාර්තා කර තිබේ.එයට අනුව සංඛ්‍යා ලේඛන මගින් ප්‍රකාශයට පත් කරන ප්‍රමාණයට වඩා සමාජය තුළ දෛනිකව ආසාදිතයන් හමුවන බව‍යි ඔහු පෙන්වා දි තිබුණි.

එම තොරතුරු ජාතික සංඛ්‍යා ලේඛනවලට පැමිණීමේදී විකෘති වන තත්වයක් දක්නට ලැබෙන බවත් මේ ආකාරයෙන් වසංගත තත්වය පාලනය කිරීම අතිශය භයානක වියහැකි බව සභාපති උපුල් රෝහණ පෙන්වා දි ඇත.

මෙම තත්වය මත වසංගතය පාලනය වී ඇති බවට සාවද්‍ය මතයක් ජනතාව තුළ ඇතිව තිබෙන බවත් එහි අහිතකර ප්‍රතිඵලයක් ලෙස ජනතාව නොසැලකිලිමත් ලෙස හා අනාරක්ෂිත ලෙස කටයුතු කිරීමට පෙළඹෙන බවත් උපුල් රෝහණ මහතා සඳහන් කර ඇත.

පසුගිය දිනවලදී එම තත්වය රටපුරා දක්නට ලැබුණු බව පෙන්වා දෙන උපුල් රෝහණ මහතා පවසන්නේ ඒ හේතුවෙන් ඉදිරියේදී යළිත් අවාසනාවන්ත තත්වයක් උද්ගත විය හැකි බවයි.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් වසර දෙකකට ආසන්න කාලයක් අත්හිටුවා තිබූ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවසර ලබා දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.

සෞඛ්‍ය මාර්ගඋපදේශවලට අනුව මෙම සංගීත ප්‍රසංග සංවිධානය කළ යුතු වන අතර ඒ සඳහා කාල රාමුද නිකුත් කර තිබේ.

ඒ අනුව,

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්,

සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්,

ඉරිදා දිනයේ රාත්‍රී 12. 30 දක්වාත් එසේ එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව ලැබී තිබේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)