Saturday, September 21, 2024

කොරෝනා පැණිය විෂක් ! – ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත, ලේල්වල ජී ගොඩකන්ද

Must read

messenger sharing button

කෑගල්ලේ ධම්මික බණ්ඩාරගේ පැණිය මුලුමනින්ම වංචාවක් බව ‘වෙන්ඩෝල් ලංකා’ සමාගමේ සභාපති, ආයුර්වේද වෛද්‍ය ශිරෝමනී පණ්ඩිත, ලේල්වල ජී ගොඩකන්ද අවධාරණය කර සිටියි.   ”එය බිව්ව අයගේ මුලු ඇගේම දැන් විස ඇති, වහාම විෂ ඉවත්කර ගන්න” ඔහු අවවාද කර කරයි.   ආයුර්වේද ලේල්වල ජී ගොඩකන්ද එබව සඳහන් කළේ Truth with chamuditha සමාජ මාධ්‍ය ජාලය සමග කළ සම්මුඛ සාකච්ජාවකදීය.   ” දැන් මුලු පාර්ලිමේන්තුවම අවධානමේ. මේ පැණිය පානය කල සියලුදෙනා බරපතල අනතුරක” යයි එහිදී පැවසූ  ආයුර්වේද වෛද්‍යවරයා, ”ආයුර්වේදයට අනුව කිසිම දවසක මීපැණි රත් කරන්නේ නෑ. එය වසක්. සාදික්කා භාවිතා කිරීම තනිකරම වසක් ” යයි ද පැවසුහ.   ”ආයුර්වේද ඇමතිවරයා හා කොමසාරිස් මේකට වගකිව යුතුයි. මෙය මුලුමහත් රටම නොමග යැවීමක්, මාධ්‍ය සංදර්ශනයක්. මෙම වංචාවන්ට තවදුරටත් ඉඩ ලබා නොදිය යුතුයි. අද මීපැණි වල මිල කීයද? මෙහෙම පුලුවන්ද දහස් ගානකට පැණිය දෙන්න.” ප්‍රශ්න කරමින් ඔහු තවදුරටත් කියා සිටියේය.  

බන්ධනාගාර නිලධාරීන්ට PCR වෙනුවට පැණි ඇණවුමක් !   මේ අතර news19.lk වාර්තා කර ඇත්තේ මහර බන්ධනාගාරයේ කොවිඞ් වයිරසය පැතිර යාමෙන් පසුව රාජකාරියේ නියුතු නියාමකයන් සියලු දෙනාටම පී.සී.ආර් පරීක්ෂාවක් නොකිරීම නිසා ඔවුන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බවයි.   එකවර පී.සී.ආර් පරීක්ෂාවක් නොකොට දැනට කීපදෙනා බැගින් පරීක්ෂාවට ලක්කරමින් ඇතැයි ද එහිදී ආසාදිත බවට තහවුරු වන අනුපිළිවෙලට එකිනෙකා නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකරමින් ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසු බව මාධ්‍යවේදී අංජන කොළඹගේ විසින් පලකර ඇති එම එම පුවත් වාර්තාවේ සඳහන් වේ.   මේ සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයාට නියාමකවරුන් අවස්ථා ගණනාවකදීම පැමිණිලි කළත් ඔහු එකවර පී.සී.ආර් පරීක්ෂාවක් කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ සියලු දෙනා ආසාදිතයන් බවට වාර්තා වුවහොත් රාජකාරි කිරීමට ශ්‍රම බලයක් නැතැයි කියමිනි.   බන්ධනාගාර අධිකාරිවරයා නියාමකයන්ට වැඩිදුරටත් පවසා ඇත්තේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා හෙළ වෛද්‍යවරයකු නිපදවා ඇතැයි කියන පැණියක් ඇණවුම් කර ඇති බවත් නියාමකයන්ට එය ලබාදෙන බවත්ය.   මේ වනවිට නියාමකයන් බොහෝ දෙනකු කොරෝනා රෝග ලක්ෂණ පහළ කරමින් සිටින්නේ යැයි ද අදාළ කාරණය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමට ද පැමිණිලි කර ඇතැයි ද වාර්තා වේ.       සමාජ මාධ්‍ය වාර්තා :   ආණ්ඩුවේ බලධාරීන් හා ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍යය විසින් ජනතාවට පෙවීමට උත්සහකරන පැණිය සම්බන්ධයෙන් ආණ්ඩුවේම ඇතැම් මැති ඇමතිවරුන් අභ්‍යන්තර සාකච්ජා වලදී විරෝධය පළකර ඇත.   මෙම පැණිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල ද නොයෙකුත් ආකාරයේ සටහන් හා පොස්ටු පලවී ඇති අතර පහත දැක්වෙන්නේ එවැනි පොස්ටු කිහිපයකි.  

61fde515 75b8 4a8e bd20 c5ececa5d77d
f9c44cd9 beaf 4a8e abd8 9e9ad6b30069
131024120 1660518844158539 2507569175314524285 o

theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)