Saturday, September 21, 2024

කොරෝනා ආසාදිත ගැබිනි කත මිය යයි ! සැත්කමකින් පසු දරුවා බේරා ගැනේ !

Must read

ඩෙංගු වැළඳී ඉන් සුවය ලැබීමෙන් පසු කොරෝනා ආසාදනය වූ ගැබිනි කාන්තාවක් සිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කොට තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රාගම තේවත්ත පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි තිදරු මවකි.

ඇයගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය සිදුකළ කරාපිටිය රෝහලේ අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා පවසා තිබුනේ මෙම කාන්තාව, හෝමාගම රෝහලේ සිට පසුගිය 08දා කරාපිටිය රෝහලට ඇතුලත්කර ඇති බවත් , කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය අද (22දා) මියගිය බවත්ය.

කාන්තාවගේ කුසේ සිටි මාස 07ක් වයසැති දරුවා සිසේරියන් සැත්කමකින් බිහිකිරීමට හෝමාගම වෛද්‍යවරු කටයුතු කර තිබුන අතර එම දරුවා මේවනවිට කාසල් රෝහලේ ප්‍රතිකාර ලබන බවත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වු බව වැඩිදුරටත් එම පුවතේ සඳහන්ය.

මෙය කොරෝනා නිව්මෝනියාව සමග වකුගඩු ආසාදනය වීම හේතුවෙන් සිදුවූ මාතෘ මරණයක් බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූ.සී.පී. පෙරේරා මහතා සිය වාර්තාවේ සඳහන් කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)