Saturday, September 21, 2024

කොක්කඩිච්චෝලේ සංහාරයේ 35 වැනි සැමරුමට පොලිසියෙන් බාධා …

Must read

මඩකලපුව කොක්කඩිච්චෝලේ සමූල ඝාතනයේ 35 වැනි සංවත්සරය අද ( 28) පෙරවරුවේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ මහලේකම් ගෝවින්දන් කරුණාකරම් (ජනා) විසින් පොලිස් හිරිහැර නොතකා මහිලාඩිතිව් ස්මාරකය අසලදී සමරනු ලැබු බව නැගෙනහිර මාධ්‍යවේදින් වාර්තා නර තිබුණි.



නැගෙනහිර පළාතේ හිටපු නියෝජ්‍ය සභාපති සහ දෙමළ ඊළාම් විමුක්ති ව්‍යාපාරයේ හිටපු නියෝජ්‍ය නායක ඉන්ද්‍රකුමාර් ප්‍රසන්න, පක්ෂයේ භාණ්ඩාගාරික වින්දන් කනගරත්නම් යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

පොලිසියේ බාධක නොතකා වුව පැවති මෙම සැමරුම සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් සිදු කරන ලස සාමකාමී අනුස්මරණ උත්සවයක් විය.
ස්මාරකය වෙත මල් මාලා පළඳවා නිහඩ උපහාරයක් ද පවත්වා තිබුණි..

1987 ජනවාරි 28 වැනි දින කොක්කඩිච්චෝලේ ඉස්සන් ගොවිපළක ප්‍රාදේශීය කම්කරුවන් ඇතුළු 87 දෙනෙකු දක්වා වෙඩි තබා ඝාතනය කරන ලදි .

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)