Saturday, September 21, 2024

කිලිනොච්චියේ කම්හල් සේවිකාවන් රෝහල් ගත කළේ එන්නත නිසාද ?

Must read

කිලිනොච්චි ඇඟලුම් කම්හලේ සේවකයින් සඳහා සයිනෝෆෝම් එන්නත කිලිනොච්චි නගරයේ ක්‍රියාත්මක වන ඇඟලුම් කම්හල් සේවකාවන් සඳහා ඊයේ (2012.06.24) දියත් කර තිබුණි කිලිනොච්චි දිස්ත්‍රික් ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් කරේන්ද්‍ර රණසිංහ සහ 57 වන සේනාංකයේ අණදෙන ජෙනරාල් මේජර් ජෙනරාල් ජයවර්ධන යන අය මේ කටයුත්තට මුලිකත්වය ගෙන තිබුණි.

මේ අතර කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවක් හේතුවන් කිලිනොච්චියේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 25 කට ආසන්න පිරිසක් අද (25) උදෑසන කිලිනොච්චිය රෝහලට ඇතුලත් කළ බව කිලිනොච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසන බව ලංකාදිප වෙබ් අඩවිය වාර්තා කර තිබේ

කෙසේ වෙතත් රෝහලගතකරන ලද ඇඟලුම් සේවිකාවන්ගේ ආසාත්මිකතාවයට හේතුව කොවීඩ් එන්නත්ද නිශ්චිතවම මෙතෙක් අනාවරනය වී නොමැති බවත් ඔවුන්ගේ බරපතල නොවන බවත් වෛද්‍යවරු පවසන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

ඡායා – කිලිනොච්චි සිවා

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)