Saturday, September 21, 2024

”කැලෑ නීතිය රජ කරනවා. ආණ්ඩුව උමතුවෙන්. රටම අවුල් ජාලාවක” -සජිත් (වීඩියෝ)

Must read

facebook sharing button Share twitter sharing button Tweet email sharing button Email

sharethis sharing button
linkedin sharing button
whatsapp sharing button
wechat sharing button
pinterest sharing button
messenger sharing button

ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දුවූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා

සිදුවු සුනිල් ජයවර්ධනගේ ඝාතනය තුලින් ගම්‍ය වන්නේ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියාවන් ඉහළ ගොස් ඇති බව යැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 අද වනවිට මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙන බව ද ඔහු කීයා සිටියි.

සාහසික ලෙස ඝාතනය කරන ලද ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධනගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, සුනිල් මහතාගේ නිවසට ඊයේ ගොස් තිබිණ.

‘සුනිල්ගේ ඝාතනයට ජනාධිපති වගකිව යුතුයි’- හරීන්

මේ අතර සමගි ජන බලවේග මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු පැවසුයේ, ජාතික ත්‍රී රෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන ඝාතනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වගකිව යුතු බවයි.

ලීසිං වාරික ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති විසින් කරණ ලද කතාවක් නිසා සුනිල් ජයවර්ධන එලියට බැස්ස බව ද ඔහු සඳහන් කළේය.

මෙම ක්‍රියාවට විරෝධය පලකරන ලෙස රට පුරා සිටින සියලු ත්‍රීවිල් හිමිකරුවන්ගෙන් තමන් ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

ලීසිං වාහන සඳහා දුන් සහන ක්‍රියාත්මකදැයි රජය විමසිල්ලෙන්

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කල්බදු ක්‍රමයට වාහන මිලට ගත් පුද්ගලයින්ට ණය වාරික ගෙවීම සඳහා දුන් සහනය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේදැයි රජය දැඩි විමසිල්ලෙන් සිටින බවයි.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් පසුගිය මාර්තු 23 වැනිදා නිකුත් කළ PS/CSA/16/2020 චක්‍රලේඛයේ දෙවැනි වගන්තියෙන් ත්‍රිරෝද රථ හිමියන් විසින් ගෙවිය යුතු ලීසිං ණය වාරික අය කර ගැනීම මාස 6කට අත්හිටවනු ලැබීය.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් මාර්තු 30 වැනිදා මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරුන් වෙත යොමුකරන ලද PS/CSA/18/2020 චක්‍රලේඛයේ 09 වැනි වගන්තියෙහි ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ, ස්වයං රැකියා සඳහා යොදාගන්නා මෝටර් රථ ආදී ස්වයං රැකියාවල නිරත පහළොස් ලක්ෂයකට කල්බදු වාරික සහන සලසා ඇති බව සඳහන් කෙරිණි.

එසේ තිබියදීත් ඇතැම් ලීසිං සමාගම් සහ මූල්‍ය ආයතන ණය වාරික ගෙවීමට අසමත්වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කර ගැනීම රජයේ නියමය කඩකිරීමක් සේම නීති විරෝධී ක්‍රියාවක් වන බැවින් එය සපුරා නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  ඊයේ (12) පොලීසියට නියෝග කළේය.

ණය වාරික නොගෙවන බවට ලීසිං සමාගම්වලින් ලැබෙන කිසිදු පැමිණිල්ලක් මාස 6ක සහන කාලය අවසන්වන තුරු භාර නොගන්නා ලෙසද ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් දුන්නේය.

එසේම වාහන අත්පත් කර ගැනීමෙන් පසු පැමිණිලි කිරීම ද නීති විරෝධි බැවින් එවැනි පැමිණිලි භාර නොගත යුතු බවට ජනාධිපතිවරයා පොලීසියට නියෝග කර ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)