Sunday, September 22, 2024

කාලේ බෝතල් ගන්නවනම් ඩිපොසිට් ඕනේ …

Must read

( 8.45 am ) මත්පැන් අඩංගු කාලේ බෝතල් (මිලි ලීටර් 185) නීති විරෝධී ලෙස බැහැර කිරීම වැළැක්වීම සඳහා මිලදී ගැනීමේදී තැන්පතුවක් අය කිරීමට තීරණය කර ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කොට තිබේ.
  මේ තිරණය ගෙන ඇත්තේ පරිසර අමාත්‍ය මහින්ද අමරාවීරගේ අනුග්‍රහය ඇතිව ලංකා ස්කාගාර සංස්ථාව සහ සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පරිසර අමාත්‍යංශයේ දී පසුගිය (04) දින පැවැති සාකච්ඡාවකදිය

එබැවින්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පිරිස් සිටිය දී පාරීසරික ආරක්ෂාව උදෙසා කාලේ බෝතල් නීති විරෝධී ලෙස බැහැර කිරීම නතර කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කරනු ලැබී ය.   කාලයාගේ ඇවෑමෙන් කාලේ බෝතල් භාවිතය විශාල පාරිසරික හානියක් සිදු වන බව හා මත්පැන් ඇසුරුම් කරන්නා වූ කාලේ බෝතල් භාවිතය තහනම් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබුණ ද, නිෂ්පාදකයින්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදි පවසා තිබුණි

 ඒ අනුව මත්පැන් අලෙවිසැල් නිකුත් කරන අවස්ථාවේ කාලේ බෝතල් ආපසු ලබා දීම සඳහා තැන්පතුවක් අය කිරීමට තීරණය වී තිබේ.මෙම මුදල රුපියල් පහක් හෝ දහයකට නොඅඩු විය යුතු බවත්, මුදල් ආපසු ගැනීමට පාරිභෝගිකයින් පොළඹවන මට්ටමක තිබිය යුතු බවත් අවධාරණය කරනු ලැබී ය.  

පරිසර අමාත්‍යාංශය හා අදාළ දෙපාර්තමේන්තු සමඟ වැඩිදුර සාකච්ඡා කිරීමෙන් අනතුරුව තැන්පතු ප්‍රමාණය පිළිබඳ අවසන් තීරණයක් ගන්නා ලැබේ.   කෙසේ වෙතත්, මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට බීර නිෂ්පාදන කටයුතු නොකරන්නේ නම්, කාලේ බෝතල්  තහනම් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසී ය.   මේ වන විට අපේ රටේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව බෝතල් මිලියන 120 ක් බව වාර්තා වේ.  මෙයින් මිලියන 18-20 අතර ප්‍රමාණයක් මත්පැන් සඳහා භාවිතා කරන අතර සියයට 60 කට වඩා ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි බව ඔප්පු වී ඇත.   මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගී විය.
මුලාශ්‍රය – දිණමිණ

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)