කල්මුනායි ප්‍රධාන මාර්ගයේ ඉන්ධන පිරවුම්හලේ ළිඳක උණු වතුර වාෂ්ප වීමක් ගැන වාර්තාවිමෙන් පසුව ජනතාව පවා එහි රැස්ව තිබුනේ දැඩි කුතුහලයකිනි.
පසුගියඅඟහරුවාදා (23) කල්මුනෙයි අක්කරයිපට්ටු ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්ධන නැවතුම්පොළක ළිඳකින් ජලය උතුරන සහ වාෂ්ප වී ඇති බව වාර්තා වි තිබුණි.
සිද්ධියෙන් පසු කල්මුනායි මූලස්ථානයේ පොලිස් ස්ථානාධිපති මෙන්ම භූ විද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි පැමිණ තිබුනේ මෙහි තතු දැකබලා ගැනිම සදහාය.
එහිදි ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු මාධ්‍ය වෙතටද පවසා තිබුනේ අවසානයේදී ළිඳේ විදුලි කම්බියක් හමු වූ බවත් විදුලි හේතුවෙන් ජලය උණුවි තිබුන බවය..