Sunday, September 22, 2024

ඔක් 01 වෙනිදාට රට විවෘත කරන්නේ ඩීසල් ලැබුනොතින් පමණද ?

Must read

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු රාජ්‍ය ආයතන සහ ප්‍රවාහන සේවා පවත්වාගෙන යනු ලබන ක්‍රමවේද සකස් කිරීම සඳහා කොවිඩ් කාර්ය සාධක බළකාය විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.රට විවෘත කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අවසන් තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවත් එම තීරණය ඉදිරි දින 02-03 තුලදී දැන ගැනීමට හැකිවනු ඇති බවයි යුද හමුදාපතිවරයා පවසා තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොලැබුණහොත් නිරෝධායන ඇඳිරි නීතිය  ඔක්තෝබර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුනේ මිට දින කිපයකට පෙර සිටය.

නිරෝධායන ඇඳිරි නීතිය ලිහිල් කිරීම ප්‍රමාද වූයේ ශ්‍රී ලංකාවට ඩීසල්  සඳහා මුදල් ගෙවන්නට හැකියාව නොලැබුණු නිසා බවට තමාට දැනගන්නට ලැබුණු බවත්, මේ වනවිට ආණ්ඩුව ඩීසල් සඳහා මුදල් ගෙවා තිබෙන අතර දැන් රටට ඩීසල් පැමිණෙමින් ඇතැයි සැල වී තිබෙන බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එම ඩීසල් ඔක්තෝබර් 01 වැනිදා වනවිට නොපැමිණියහොත් තවදුරටත් නිරෝධායන ඇඳිරි නීතිය දිගු කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සමඟ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.   

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)