එන්නත්කරණ කටයුතු සඳහා අවශ්‍ය කෙරෙන සිරින්ජර (SIRINGER) දස ලක්ෂයක තොගයක් චීනයේ සිට මෙරටට අද (13) අළුයම රැගෙන ආ බව ලංකාදිප වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.මේ සිරින්ජර තොගය රැගෙන විත් තිබුණේ චීනයේ ෂැන්හයි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 867 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනි.පෙට්ටි 536 අසුරා තිබූ මෙම එන්නත් තොගයේ බර කිලෝ ග්‍රාම් 3760ක් පමණ වන බව ඒම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
මෙම සිරින්ජර තොගය පසුව කොළඹට රැගෙන ගිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවැසීය .
පසුගිය දිනක ගුවන් යාන 2 ක් යොදාගනිමින් ඒන්නත් මිළියන 2 ක් රැගෙන විත් තිබුණද අදාල බලධාරින් විසින් සිරින්ජර් ගෙන ඒමට අවැසි කටයුතු සම්පාදනය කර නොතිබුණ බව ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කොට තිබුණි.
ඒන්නතට පසුව කටුනායකට පැමිණි සිරින්ජර් තොගය?
