Sunday, September 22, 2024

එතෙර ඉගෙන ගන්න දරුවන්ට කළු කඩෙන් ඩොලර් ගන්න වෙලා –

Must read

‘පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි”, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

මිට පෙර අවස්ථා ගණනාවකදි එතෙර ඉගෙන ගන්නා සිසුන් සිය ෆේස් බුක් පිටුවලද මේ ප්‍රශ්ණ සටහන් තබා තිබුණි.රට මුහුණ දි ඇති විදේශ විනිමය අර්බුදයේ තරම ඉන් මැනවින් යළි යළිත් අවධාරණය වෙමින් තිබේ.

”විදේශගතව වසර කිහිපයක් අධ්‍යාපනය සම්පූර්ණ කළ දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු අඛණ්ඩව කර ගෙන යා යුතු තත්ත්වය යටතේ මෙරට බැංකුවකින් ඩොලර් 25,000ක් වත් ගැනීමට නොහැකි වීම හේතුවෙන් දහස් ගණනක මාපියන් මෙලෙස අසරණ වී සිටිතැයි ද, රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

උද්ගතව තිබෙන ආර්ථික අහේනිය හමුවේ රජයට ඇති එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පමණකැයි රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් අවධාරණ කර ඇත.

එජාප නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ ඊයේ (29) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදීය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)