ඉහල යන බඩු මිළට එරෙහිව එජාප විසින් පසුගිය වසරේ අග භාගයේදි මිගමු නගර මධ්‍යයේ සංවිධානය කර තිබුණ විරෝධතාවයක් හේතුවෙන් පොලිසිය විසින් එහි සංවිධායකයන්ට එරෙහිව නඩු පවරා තිබුණි.
ඊයෙ පැවැති නඩු විභායෙන් අනතුරුව ඇප ලබා මාධ්‍ය හමුවට පැමිණ එජාප නායකයෝ කියා සිටියේ වත්මන් රජය දැවැන්ත මර්ධනයක් ක්‍රියාත්මක කර ඇති බවය.
උද්ඝෝෂණයේ ප්‍රධාන සංවිධායකයන් ලෙසින් මිගමු මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත, දිවුලපිටිය එජාප සංවිධායක කිත්සිරි මංචනායක, ජාඇල එජාප සංවිධායක ඇන්ටනි පෙරේරා යන අයවලුන් අධිකරණ හමුවේ පෙනි සිට තිබුණි.
ලක්ෂ 2 ක ශරිර ඇප මත නිදහස් වු අතර මිලග නඩු දිනය ජුනි 26 වෙනි දිනට යෙදි තිබේ.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනි සිටි ජාඇල ඒජාප නීති ලේකම් චාමර ජයසිංහ කියා සිටියේ පොලිසිය විසින් බොරු චෝදනා පවා ගොනුකර තිබුණ බවය.