Saturday, September 21, 2024

එක රටක් ! නිරෝධායන නීති ගොඩක් ?

Must read

ලෝකය පුරා කොරෝනා යලිත් පිමි පනිමින් වර්ධනය වෙමින් තිබේ. ඩොලර් ඇතුළු අර්බුද ගණනාවක් මැද පසුවෙන ලංකාව තුලද කොරෝනා වැඩිවිමේ අවධානමක් ගැන රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය පවා පසුගිය දා අනතුරු අගවා තිබුණි.
තතු එසේ තිබියදි පසුගිය දින කිපය තුල ලංකාවේ බොහෝ තැන්වලදි නිරෝධායන නිති කිසිදු සැලකිල්ලකට නොගනිමින් විශාල ලෙස ජනයා එක් රැස්විම් දකින්නට ලැබුණි.
සිරිපා වන්දනාව මේ එක් තැනකි.
අනික වන්නේ වරාය නගරය සංවාරයයි .

පසුගිය දින කිහිපය තුල කොළඹ වරාය නගරයේ මරීනා මහජන මංතීරුවට පැමිණි අති විශාල ජනකාය බරපතල සෞඛ්‍ය ගැටලූවක් ඇති කිරීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.
පසුගිය දින කිහිපයේ යෙදී තිබුණු දීර්ඝ සතිඅන්ත නිවාඩුව හේතුවෙන් මෙම මහජන මං තීරුවට පැමිණ සිටි දේශීය සංචාරකයින් කිසිදු සෞඛ්‍යය පිළිවෙතක් අනුගමනය නොකිරීම මෙම අනතුරු දායක තත්ත්වය ඇතිවීමට හේතුව බවයි ඔවුන් සඳහන් කර තිබුණි.

මේ වන විට මෙලෙස වරාය නගරයේ මහජන මං තීරුවට පැමිණි පිරිස පිළිබඳ නිල සංඛ්‍යා දත්ත වාර්තා එළි දැක් වී ඇති අතර එම වාර්තාවන්ට අනුව පසුගිය දින කිහිපය මුළුල්ලේ මෙම මං තීරුවට පුද්ගලයින් 89540 පැමිණ තිබෙන බව මාධ්‍ය විසින්දැනටමත් වාර්තා කර ඇත.

මෙලෙස අඛණ්ඩව වරාය නගර මහජන මංතීරුවට දේශීය සංචාරකයින් පැමිණීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී එම මං තීරුවට ඇතුළු වන ගේට්ටු පවා වසා දැමීමට පොලිසියට සිදුව ඇති බවයි වාර්තා විය.

කෙසේ වෙතත් මෙලෙස පැමිණි බොහෝ දෙනෙකු කෝවිඩ් 19 සෞඛ්‍යය මාර්ගෝපදේශ නොසලකා හරිමින් මුහුණු ආවරණ පවා නොමැතිව එම මහා ජනකාය සමග ගැවසෙන අයුරු දැක්වෙන ඡායාරූප බොහොමයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)