Sunday, September 22, 2024

එක රටක් එක නීතියක් : ෆොන්සේකාට අදාල වූ නීතිය චොකා මල්ලි වෙනුවෙන් ‘නවපු හැටි’ !!

Must read

මරණ දඬුවම නියමව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරට

පාර්ලිමේන්තු සැසිවාර සඳහා සහභාගීවීමේ අවස්ථාව ලබා දෙන්නැයි  ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (28) කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඊට පිළිතුරු දුන් කතානායකවරයා සඳහන් කළේ, තේරී පත් වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී ඇති බවයි.

අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පැවසුයේ, කැලෑ උසාවියක් මගින් තමා වසර දෙක හමාරකට සිරගත කළ අවස්ථ‍ාවේදී තමාට පාර්ලිමේන්තුවට පැමිණීමට එවකට කතානායකවරයා වූ චමල් රාජපක්ෂ අවස්ථාව ලබා නොදුන් බවයි.

එම පූර්වාදර්ශය ලබා දුන් චමල් රාජපක්ෂ නියෝජනය කරන පාර්ශ්වයේ මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් වෙනස් මතයක් දරන්නේ කෙසේදැයි ෆොන්සේකා මන්ත්‍රීවරයා විමසා සිටියේය.

මාස 30 කට සිරගත කළ තමාට මන්ත්‍රී ධුරය අහිමි වන්නේ නම් මරණීය දණ්ඩනය නියමව සිටින පුද්ගලයෙකුට මන්ත්‍රී ධුරයක් හිමිවීමට අවස්ථාව ලැබෙන්නේ කෙසේද යන්න ආණ්ඩු පක්ෂය විසින් පැහැදිලි කළ යුතු බව ද සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සිය කතාවේදී සඳහන් කළේය.

එක රටක් එක නීතියක් යනු මෙයදැයි ඔහු ආණ්ඩු පක්ෂයෙන් විමසා සිටියේය.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)