Saturday, September 21, 2024

උතුර නැගෙනහිර මතින් මුදා ගැනීමට ‘හමුදාව පිටව යා යුතුයි’

Must read

මත්ද්‍රව්‍ය උවදුරෙන් උතුරු නැගෙනහිර පළාත් මුදවා ගත හැක්කේ ආරක්ෂක හමුදා ඉන් පිටත්ව යාමෙන් පසු බවට උතුරේ පළමු මහ ඇමැතිවරයා අවධාරණය කර තිබේ.
‘ආරක්ෂක හමුදා කවදා ද උතුරු නැගෙනහිර පළාත් වලින් පිටත්වෙලා යන්නේ? ඒ දවසට තමයි අපේ ප්‍රදේශ වල මත්ද්‍රව්‍ය පාලනය කරන්න පුළුවන් වෙන්නේ,’ යැයි දෙමළ ජාතික මහජන සන්ධානයේ නායක, උතුරු පළාත් හිටපු මහ ඇමැති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, සී.වී.විග්නේශ්වරන් පවසයි.

යාපනයේ රාජ්‍ය නොවන සංවිධානයක උත්සවයකට සහභාගීවෙමින් හිටපු මහ  ඇමතිවරයා කියා සිටියේ 2009 වසරේ මැයි 18 වැනිදාට පෙර උතුරු නැගෙනහිර පළාත් වල මත්ද්‍රව්‍ය උවදුරක් නොතිබුණු බවයි.

”2009 මැයි 18 වැනිදායින් පස්සේ මෙහෙ ඉන්නේ රජයේ ආරක්ෂක හමුදාව. ඉතිං එදා නොතිබුණු දෙයක් අද කොහොමද තියෙන්නේ. ඒ කාලේ නැති දෙයක් අද තියෙනවා නම් ආරක්‍ෂක අංශ වල ඊට සම්බන්ධයක් ඇතිබවයි මගේ අදහස.”

”අද ඉස්කෝල වලට මත් ද්‍රව්‍ය වීසිකරන තත්වයක් තියෙන්නේ. ඒවාට ගැහැණු ළමයින් පවා හුරුවෙලා. මේවා කරන්නේ කවුද කියලා පොලිසිය හොඳට දන්නවා .නමුත් ක්‍රියාත්මක නැහැ.”

උතුරු නැගෙනහිර පළාත් වලින් රජයේ හමුදා පිටව යාමෙන් අනතුරුව දෙමළ බස වහරන පොලිසියක් මගින් මත්ද්‍රව්‍ය උවදුර ඉවත් කළ හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විග්නේශ්වරන් විශ්වාසය පළ කරයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)