ඡායාරූපය :අචලා සෙනෙවිරත්න, කේ. ගුරුපරන්, හිජාස් හිස්බුල්ලා, ස්වස්තිකා අරුලිංගම්.
පසුගිය මැයි මාසයෙහි යාපනයේ මහේස්ත්‍රාත්වරයකු විසින් නීතිඥයින්ගේ අභියාචනා මත පදනම්ව යුද්ධාවසාන සැමරුම් සංවිධායකයින්ට එරෙහිව පනවා තිබූ නිරෝධායන නියෝග ඉවත් කර ගෙන තිබුණි. අවම වශයෙන් නීතිඥයින් තිදෙනෙකු පසු දිනවලදී පළිගැනීම්වලට මුහුණ දී තිබේ. නීතිඥ රෝයි ඩිලක්සන් මහතාගේ නිවසට නාඳුනන පුද්ගලයින් විසින් පහර දුන් බව වාර්තා විය. එම නඩුව වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥයෙකු, සැකකටයුතු පුද්ගලයෙකු තම නීති කාර්යාලය වටා සැරිසරමින් සිටිනු දුටුවේය. මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි තවත් නීතිඥ යෙකු නිවස බලා යමින් සිටියදී හමුදාව විසින් නවතා දමා තදබල ප්‍රශ්න කිරීම් හා බිය ගැන්වීම් වලට ලක් කරන ලදී.
පසුගිය වසරේ (2019) යුද හමුදාව සම්බන්ධයැයි සඳහන් වන බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්දයෙන් එකී පවුල් වෙනුවෙන් පෙනී සිටි අවස්ථා උපුටා දක්වමින් යුද හමුදාව යාපනයේ විශ්වවිද්‍යාල ශ්‍රාස්ත්‍රඥයකු හා නීතිඥයකු වන කේ. ගුරුපරන් මහතා පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සේවා තොරතුරු ඉල්ලා සිටියේය. මෙමගින් දිගින් දිගට ගොස් එහි විපාකයක් ලෙස ඔහු විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදෙන බැවින් අධිකරණ හමුවෙහි නීතිඥයකු ලෙස කටයුතු කීරීම තහනම් කරන ලදී.
පසුගිය වසරේදී ගුරුපරන්, තවත් නීතිඥයෙකු සහ ඔවුන්ගේ සේවාදායකයින් නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ පුද්ගලයෙකු විසින් උසාවි පරිශ්‍රය තුළ ඡායාරූප ගත කරන ලදී. එයද එක්තරා ආකාරයක බිය ගැන්වීමකි. මේ වසරේදී ගුරුපරන් පිළිබඳ සෝදිසි කිරීම් තීව්‍ර වී තිබේ. ඔහු විසින් ආරම්භ කරන ලද සහ මෙහෙයවන පර්යේෂණ මධ්‍යස්ථානයකට බුද්ධි අංශ නිලධාරීන් පැමිණි අතර ම්‍යස්ථානය පිළිබඳව නාදුනන පිරිස් සෝදිසියෙන් සිටීම දිගටම සිදුවෙයි. නීතිඥයකු වශයෙන් ගුරුපරන් අතුරුදහන්වූ පුද්ගලයින් සහ දෙමළ ජනයාගේ ඉඩම් ලබා ගැනීම සම්බන්ධ නඩු සඳහා පෙනී සිට තිබේ.
පසුගිය වසර කිහිපය තුළ, තවත් උතුරු නීතිඥවරයෙක් උසාවි භූමිය තුළ බිය ගැන්වීම්වලට මුහුණ දී තිබේ. බුද්ධි අංශ නිලධාරීන් ඇයගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඇගේ නිවසට පැමිණ ඇති අතර, ඇය උසාවියෙන් පිටවන විට නාදුනන පුද්ගලයින් ඇගේ මෝටර් රථයට කඩා වැදී ඇත. ඇයද අතුරුදහන් වූ සහ අයිතිවාසිකම් පිළිබඳ උ සම්බන්ධ පවුල් වෙනුවෙන් උසාවියේ පෙනී සිට ඇති නීතිඥවරියකි. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධ නඩු වලදී හමුදා නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස දක්වා ඇති නඩුවලදී ඇයට සහාය වන කාන්තා ක්‍රියාකාරිනියකට ද අමානුෂික ලෙස පහර දී ඇති අතර එමගින් හිසට සහ මුහුණට සිදුවූ තුවාල නිසා රෝහල් ගත කිරීමට පවා සිදුවිය.
2020 මැයි මාසයේදී නීතිඥවරියක වන අචලා සෙනෙවිරත්න තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බවට පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. මීට වසරකට පෙර ඇයගේ ද ඇයගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතයට හානි කිරීමේ අරමුනින් සමාජ මාධ්‍යවල පළ කර බෙදා හරින ලද වෛර ප්‍රකාශන සම්බන්ධයෙන් ඇක රහස් පොලීසියට කළ පැමිණිල්ලට සිදුවූ දෙයක් නැත. නාවික හමුදාව විසින් පැහැරගෙන ගොස් අතුරුදහන් කරන ලද තරුණයින් 11 දෙනාගේ නඩුවෙහි අතුරුදහන් වූවන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරිය ඇයයි.
මෙම ජූනි මස මුලදී මහර බන්ධනාගාරය තුළ බන්ධනාගාර රැඳවියෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇසින් දුටු බන්ධනාගාර රැඳවියෙකුගෙන් දිවුරුම් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නීතිඥ සේනක පෙරේරා කොළඹ සිට පොළොන්නරුවට ගියේය. මන්ද යක් එම රැදවියා පොළොන්නරුව බන්ධනාගාරයට මාරු කර තිබූ බැවිනි. දීර්ඝ වේලාවක් ගතකිරීමෙන් පසු, දිවුරුම් ප්‍රකාශය ලබා ගැනීමට ඉඩ දිය නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් නීතිඥ පෙරේරාට දැනුම් දුන්නේය. සේනක පෙරේරාෙ මහර බන්ධනාගාරය තුළ පසුගිය මාසයේ මියගිය පුද්ගලයාගේ දෙමව්පියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින අතර සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධනයේ සබාපතිද වෙයි. 2012 වර්ශයේදී වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද කටයුතු කරන සේනක පෙරේරාට විමර්ශන කඩිනම් කිරීමට හා පසුව නඩු පැවරීමට හේතු වූ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් පසු ද මරණ තර්ජන ද එල්ල විය.
ඉතා මෑතකදී, සති දෙකකට පමණ පෙර, නීතිඥ ස්වස්තිකා අරුලිංගම් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් කොළඹදී රඳවා තබන ලදී. ඇය අත් අඩංඟවට ගනු ලැබුණේ ඇමෙරිකානු තානිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනය දා පාරෙහි යම්න් සිටි, උද්ඝෝෂනය සංවිධානය කළ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් විට අත්අඩංඟුවට ගැනීමට හේතු විමසීමයි.
මේ වසරේදී තවත් අයිතිවාසිකම් පිළිබඳ නීතිඥයෙකු දැඩි ප්‍රශ්න කිරීම්වලට භාජනය කර ඇති අතර අයිසීසීපීආර් පනත යටතේ අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කර තිබේ. වෛර ප්‍රචාර වැළැක්වීමේ අරමුණින් සම්මත කළ අයිසීසීපීආර් පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන් දැන් විසම්මුතිය මැඩපැවැත්වීමේ සඳහා රජයේ අවි ගබඩාවේ මර්දනකාරී මෙවලමක් බවට පත්ව කරගෙන තිබේ.
පසුගිය සතියේ, ජුනි 26 වන දින, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, බූස්ස රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් බැලීමට පැමිණෙන නීතිඥයින්ට බන්ධනාගාර නිලධාරීන් අසා සිටියදී එම රැදවියන් සමඟ සාකච්ඡා කිරීමට සිදුව ඇති බවයි. සැකකරැවන් සමඟ සාකච්ජා කිරීමට මෙම රිමාන්ඩ් බන්ධනාගාරයට පැමිණෙන නීතිඥයින් පොලිසියේ විශේෂ කාර්ය සාධක බලකාය විසින් පුළුල් සෝදිසි කිරීම්වලට ලක් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. මීට දින කිහිපයකට පෙර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයක රැඳවියෙකු බැලීමට ඇතුළුවීමට තවත් නීතිඥයෙකුට කොවිඩ් 19 වසංගතය දඩමීමා කරගෙන අවසර නොදුන්බව වාර්තා විය.
2020 අපේ‍්‍රල් මාසයේ දී නීතිඥ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගෙන මේ වන විට දින 70කටත් වඩා රඳවා තබා ගෙන ඇත්තේ කිසිදු අධිකරණයකට ඉදිරිපත් නොකරය. ඔහුට නිදහසේ තමා වෙනුවෙන් පෙනි සිටින නීතිඥයින් සමඟ සාකච්ජා කිරීමට ඉඩ ලැබී නැත. ඔහු අත් අඩංඟුවට ගැනීමට පැමිණි රහස් පොලිස් නිලධාරීහු නීති විරෝධී ලෙස ඔහු සතුව තිබූ නඩු ගොනු පිරික්සා බැලූහ.
එමෙන්ම අනීතික ලෙස සිය නීති කාර්යාලයන් සොදිසි කර නඩු ගොනු දෙකක් රැගෙන ගොස් ඇති බවට නීතිඥ හිස්බුල්ලා සමඟ වැඩ කරන කනිෂ්ඨ නීතීඥයින් වෙනම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
නිතිඥ හිස්බුල්ලා සම්බන්ධයෙන් ජාවාරම්කාර ජනමාධ්‍ය විසින්ද නඩුවක් විමසා තීන්ද දෙමින් සිටී. “මාධ්‍ය මගින් නඩු ඇසීම” මගින් ඔහු දැනටමත් වරදකරුවකු කර තිබේ. අධිකරණ ක්‍රියාදාමයන් පමාවන තරමටම ව්‍යාජ පුවත් මගින් කැරෙන “මාධ්‍ය මගින් නඩු ඇසීම” වඩ වඩා සමාජ ගතවෙයි.
පැහැර ගැනීමට ලක්වූයේය යැයි කියන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලීය සේවිකාවක වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් වූ සුදර්ශන ගුණවර්ධන සහ උපුල් කුමාරප්පෙරුමටද තර්ජන සහ බියවැද්දවීම් වලට මුහණ දීමට සිදුවිය.
ටික ඛලකට පෙර මෙරට සුලුතර ක්‍රිස්තියානි ප්‍රජාවන්හි අයිතිවාසිකම්හි අයිතීන් වෙනුවෙන් අදහස් දැක්වීම නිසා. එම කණ්ඩායම්හි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ලක්ශාන් ඩයස්ට දරැණූ තර්ජන එල්ල විය. ඔහුගේ නීතිඥ වෘත්තිය තහනම් කිරීමට පියවර ගන්නා බවට “යහපාලන” ආණ්ඩුවේ අධිකරණ ඇමැතිවරයා තර්ජනය කළේය. එම තර්ජන විසින් යම් දුරකට නිහඬවීමට ඔහුට බලකෙරුනි.
මානව හිමිකම් රැකගැනීම සඳහා මහජනයාට ඇති ඉහළම තැන අධිකරණයයි. එබැවින් ඕනෑම අදිකාරී පාලනයක් විසින් මුලින්ම පහර දෙන කන්ඩායමක් වන්නේ මානව හිමිකම් නීතිඥයින්ය. 2010-2015 කාලය තුළ අත් අඩංඟුවට ගත් දෙමළ තරැණයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට ත්‍රස්තවාදී හංවඩුව ගසන ලද්දේ ආරක්ෂක අමාත්‍යාශයේ වෙබ් අඩවිය විසිනි. එබැවින් මෙරට මානව හිමිකම් වෙනුවෙන් අධිකරණයෙහි පෙනී සිටින නීතිඥවරැන් සහ නීතිිඥවරියන් වෙත එල්ල වෙමින් පවතින මෙම තර්ජන රැල්ල භයානක පෙරනිමිත්තක් බව තේරුම් ගැනීම වැදගත්ය.
(රුකී ප්‍රනාන්දු විසින් ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක වූ කරුණු සමහරක්ද ඇසුරිණි)
Sri Lanka Brief