Saturday, September 21, 2024

උතුරේ මෙන්ම නැගෙනහිරත් තිලීපන් සැමරේ …

Must read

35 වැනි තිලිපන් ගුණ සමරු වැඩසටහනේ අවසන් දිනය ඊයේට (26) යෙදි තිබුණි. ත්‍රස්ත පණත අහෝසි කිරිම ,දෙමළ දේශාපාලන සිරකරුවන් නිදහස් කිරිම ඇතුළු ඉල්ලිම් 5 ක් මුල් කොට ගෙන මිට වසර 35 කට ඉහත සැප්තැම්බර් 15 වෙනිදා ඇරඹි උපවාසය තුල සැප්තැම්බර් 26 වෙනිදා ඔහු මිය ගියේය.

සාමකාමි අරගලයක නිරතව සිය ජනතාව වෙනුවෙන් දිවි පිදු තිලිපන් සමරා උතුරේ මෙන්ම නැගෙනහිරද වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.

මඩකලපුවේදි උත්සව දෙකක් මඩකලපුවේ ගාන්ධි උද්‍යානයේදි පැවැත්වුණි.ට මඩකලපුව ගාන්ධි උද්‍යානයේදි පෙ.ව 10.48 ට පළමු සැමරුම පැවැත්වුණ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් මෙය සංවිධානය කරන්නට යෙදුණි.
සංවිධානය කරන ලද මෙම අවස්ථාවට සාමාන්‍ය ජනතාව සහ දෙමළ ජාතික ජනතා පෙරමුණේ සාමාජිකයින් එක්ව සිටියහ.

මඩකලපුවේ පැවැති තිලිපන් දෙවන සමරුම ඊයේ ( 26) සවස මඩකලපු ගාන්ධි උද්‍යානයේදි සංවිධානය කර තිබුණි. 35 වැනි මෙම සැමරුමට මඩකලපු නගරාධිපති , වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජනා ,ඇතුළු හිටපු මැති ඇමති වරු මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් හා සිවිල් ක්‍රියාකාරින් එක්ව සිටියහ.

මේ අතර යාපනය තිලිපන් සැමැරුම නල්ලුර් කොවිල් අසලදි පැවැත්වුණ අතර දේශපාලන හා සමාජ ක්‍රියාකාරින් රැසක් එක්ව සිටියහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)