Saturday, September 21, 2024

ඇමතිගේ ලොරි බිත්තර 55 යි ! ගමේ කඩේ 60 ත් පනියි ?

Must read

තම සංගමයේ සමාජිකයන් කුලියාපිටිය ප්‍රදේශයේ සුළු සහ මධ්‍යම පරිමාණ කුකුල් ගොවිපොලවල් වලින් නිෂ්පාදිත බිත්තර එකතු කල බවත්, හෙට (31) දිනයේ මහනුවර සහ කොළඹ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට බිත්තර රු 55 සහනදායි සිල්ලර මිලකට අලෙවි කිරිමට කටයුතු යොදා ඇති බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර පැවසු බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

බිත්තර තොග වෙලෙන්දන් කුලියාපිටිය ප්‍රදේශයේ ගොවිපොලවල් වෙත ගොස් වැඩි මිලකට බිත්තර මිල දි ගෙන එම බිත්තර තොග රැගෙනවිත් සිල්ලර වෙලෙන්දුන්ට අධික මිලකට අලෙවි කරන බවද ඔහු පවසා තිබුණි

මේ අතර බිත්තර තොග වෙලෙන්දන් කිහිපදෙනෙකු බිත්තර ආනයනය කර බෙදා හැරිමට උත්සහ කරන බවත්, ඒ තුලින් දේශිය බිත්තර කර්මාන්තය කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බවත්, සිදු කල යුත්තේ බිත්තර ආනයනය කිරිම නොවන දේශිය බිත්තර කර්මාන්තය වැඩිදියුණු කර එම කර්මාන්තය ශක්තිමත් කිරිම බවද ඔහු සදහන් කර ඇත

රජය සමග එක් වි තම සංගමය උත්සව සමයේ සහනදායි මිලකට තාවකාලිකව බිත්තර අලෙවි කිරිමට පියවර ගත් බවත්, ලබන වසරේ මුල් මාසය වන විට බිත්තර ඉල්ලුම අඩුවිම හමුවේ බිත්තර සිල්ලර මිල අඩුවන බවද අජිත් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසිය.

පසුගිය දිනවල විවිධ නගර වල ලොරි මගින් බිත්තරක් රු 55 කට අලෙවි කළද ගමේ කඩවල බිත්තරක මිළ රු 60 ටත් වඩා වැඩි මිළකට අලෙවි විය

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article

error

Enjoy this blog? Please spread the word :)